RSS Feed

අමුත්තා

බලාන උන්නෙමි බොහෝ කලක සිට හමු වේයැයි

අහම්බෙකින් මෙන් සොයාන  ආවම  පුදුම තමයි

කියා ගන්න බැරි බොහෝම දේවල් තිබුනා සැබැයි

සැබෑවටම  මේ බලාන හිටි  මඟ කෙනා තමයි

ආව නිසා බොහො දුරක ඉදන් සිත සොයා සෙමින්

අසා සිටින්නම් කියනා දේවල් ළඟින් ඉදන්

දරාන ඉන්නම් හිතේ නැගෙන දුක කඳුළු තියන්

නොකියම යාවිද කියා සිතුනි මගේ සිතට උවම්

එහෙම ගියත් සිත තරහක් නම් නොනැගේය මගෙන්

යන්න ගියේ යලි එන්න නොවෙන්නට බැරිද සිතන්

පුරුදු පරිදි මඟ බලාන ඉන්නම්  තවත් කලක්

නොයාම ඉන්නට පුළුවන් නම් එය අගෙයි ගොඩක්

Advertisements

15 responses ඊළඟ »

  1. හමුවෙනවා…..
    විඳිනවා…..
    එකම එක මොහොතකට…..
    වෙන්වෙනවා…..
    විඳවනව…….
    ජීවිතය පුරාවට………
    හමුවීම දුන්….
    ඒ ආදරණීය හිනා පොද…..
    තබාගමි හදවතේ….
    දිවි තියෙන තුරාවට….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. යන්න වුනත් අපෙ ලෝකය පුංචි නිසත්,
    වෙන්වුන සැවොම යලි හමුවේ කියන නිසත්,
    හිස් වුන සිහින පුරවා ගන්නට ආයෙත්,
    ආපහු එනවා පැටියෝ බිය නොවී ඉඳින්…..

    හොඳ පද ගැලපුමක් නිමන්ති සහෝදරී.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. i added that comment moderation thing..seems like its fooling around….i better remove it…i didn’t get your comments…not even a notification on my mail..sorry 4 the inconvenience…:)..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අහම්බෙකින් ආ බව මම ඇගවූවත්
    ඉන්නම සිතාගෙන සොයමින් ආ ගමනක්
    යන්නට යන බවක් පවසාලා ආවත්
    නුඹටත් හොරෙන් යන එන හැම තැන තාමත්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ඔබ හට කියන්න
    දහසක් සිතුවිලි
    බොහෝ දුරක සිට
    අර ගෙන ආවත්
    මා එන විට ඔබ යන්න ගොහින්
    කඳුලක් තියලා ආපසු හැරුනේ
    කොතැනක දී හෝ
    යලි හමු වේ යැයි
    සිතූ නිසා

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: