RSS Feed

~සුදු රෝස මල~

සිතේ සැඟවුනු පුංචි සමනල් සිහිනයම බොඳ වෙන්නැති

ඇගේ ඇසිපිය යටට ගුලිවූ කඳුළු වියලී  නොයන්නැති

ලියූ ලිපි වල අකුරු ඇදවී බිම වැටී පොඩි වෙන්නැති

ඇන්ද සිතුවම කුරුටු බලිවී විරූපිව රඟ දෙන්නැති

ගැසු පින්සල් පහර සෙලවී රතු  තිතක සැඟ වෙන්නැති

ඒ නමුදු ඔබ සිතම පිරවූ එඩිය බිඳ නොවැටෙන්නැති

පලා යන්නට බැරිව සැඟවුණු ඉරණමම හමු වෙන්නැති

තලා පොඩි කල  සුදු රෝස මල යලිදු හමු වෙන්නෙත් නැති

පයට පෑගී පොඩිව යන විට සිහින් කෙඳිරිලි නගන්නැති

ඔබ විසිරවූ සුදු රෝස පෙති මියුනිචය සොලවන්නැති

අකුරු අමුණන දැන උගත්කම පවක් බව දැන ඉන්නැති

එහෙම වූවත් නිහඬ වෙන්නට  ඔබේ සිත ඉඩ නොදෙන්නැති

හඬක් නොනඟා නිහඩවූ සිත් ඔබෙන් එළියක් ලබන්නැති

කවුළුවෙන් ඔබ විසුරුවාලු රෝස පෙති ඉකිබිඳින්නැති

අදත් ඒ බිම මහා වැසි මැද හමුවුනා ඔබ මට මෙසේ

වසාලු කවුළුවේ පිටු පස ඔබෙ සිනා හඬ මට ඇසේ

Advertisements

17 responses ඊළඟ »

  1. පිවිතුරුබව පෙන්වන සුදු රෝස මලයි….ආදරයේ සම්මත සංකේතය ලෙස මාකට වෙන ක්‍රිම්සන් රෝසමලයි අතර වෙනස මොකක්ද?……පාට විතරමද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අක්කෙ ඉලංදාරියා කිව්ව වගේ ඔයා යස අගේට ලොකු කතාවක් කියල තියෙනවා. ඇත්තටම අපූරුයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ස්තූතියි අක්කෙ‍.. ඔයාලගෙ මේ ලෙංගතුකම නිසා මට ලොකු සැනසිල්ලක් දැනෙනවා. ලිවිල්ල නිසා හිතට නිස්කලංකයක් දැනෙනවා.
    ඉතින් දිගටම ලියන්ඩ තමා බලාපොරොත්තුව…
    හැමදේටම ගොඩාක් ස්තූතියි!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අනේ මට මොකුත්ම තේරුනෙ නෑනේ අක්කේ….. 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. “එහෙම වූවත් නිහඬ වෙන්නට ඔබේ සිත ඉඩ නොදෙන්නැති

    හඬක් නොනඟා නිහඩවූ සිත් ඔබෙන් එළියක් ලබන්නැති”

    ඇත්තටම ඇය අදටත් මහා පහන් ටැඹක් සේ අපට එලිය දෙනවා, හඬක් නොනගා නොඉන්නට අපව පොලඹවනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අඳුර බව දැන අඳුරෙ හිඳගෙන
      නිහඬ නිසලව නොසිට පිරිසිඳ
      එකදු පුංචිම පුංචි පහනක්
      දල්වවන්නට හැකිම නම් හෙට
      එයින් ලැබෙනා එළිය දුටුවිට
      යන්න එයි නම් කෙනෙකු හෝ
      සතුටු වෙමි මම ගත් වෙහෙස ගැන
      නොසිට නිහඬව…
      ඇයත් එලෙසය ….
      බොහෝම ස්තූතියි..!! Gadfly මට ඇය ගැන ඔබ ලියපු පෝස්ට් වල ලින්ක් එක දුන්නට.
      කාලෙකට කලින් මම මේ ගැන අහලා තිබුනත් අමතක වෙලා තිබුන ඒ මතකය ආයෙත් අලුත් උනේ ඔබේ පෝස්ට් ටික කියෙව්වට පස්සෙයි..ඒකටත් ස්තූතියි බොහෝම..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. මේ පද ගැලපුමට මං නිර්මාණයක් ලියන්නේ නෑ. මොකද මේක ඒ තරම්ම ලස්සනයි මට. අමුතු ලස්සන වචනත් තියනවා.
    ඔබට ජය සහෝදරී. තවත් මේ වගේ අලංකාර නිර්මාණ කරන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: