RSS Feed

කිරිල්ලියේ

උණුසුමම  පතා සිටි

සිත ළඟට

හැමදාම ලං උනේ

සීතලම සීතලට

ගල් ගැහුනු  හිම වගේ

කඳුළු කැට

කුමක් කරමිද ඊට

හිඳිමි මම

කිසිත් නොවුනා සේම

හඳුනාද නොදනීමි මගේ සිත

එන්නේද සැබැවින්ම

මා ළඟට

සතුට  බිංදුවක් හෝ තවරන්න

මඟ බලා ඉන්නෙමි  නිහඬවම..!!

Advertisements

8 responses ඊළඟ »

  1. සෙනෙහසත් කඳුළු කැට වාගෙම තමා…අලුත් පිට උණුහුම්..පහු වෙනකොට දරන්න බෑ හීතල……:(…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මුතු සේ දිලිසෙනා නුඹේ දෑසගින්,
    හීන් සීරැවේ කඩා වැටෙනා ඒ,
    සීතල කඳුලු බිඳු දැනී,
    හිරැ දුටු හිම බිංදුවක් සේ,
    මගේ සිත දියවී ගොස් ඇත….

    නැවත එය මිදී ගිය පසු,
    නුඹ සොයා පියඹන්නම්,
    මම,
    නුඹ සොයා……
    ආදරෙන්,

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. උණුසුමම පතා සිටි
    ඔබේ ඔය සිත ළඟට
    සීතලම සීතල
    කඳුළු බිඳු
    ළං වුණේ කිම ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. කඳුලින් තෙමී
    සීතල වුනු
    උණුහුමක් පතන නිති
    ඔබ සිත හඳුනමි
    පියඹා එන්නට සිතුනත්
    මා හදේ උණුහුමින්
    සුවපත් කරනට ඔබ හද
    ඔබටත් වඩා මහද සීතලයි
    ගලා ගිය කඳුලින්ම නෑවිලා
    ඉදින් මා ඔබ සොයා ආවොතින්
    සිදු වේවි ඔබට
    උණුසුම් කරනට
    සීතලේ මියෙන මා හද
    ඔබ සතුව ඇති
    අවසන් ශක්ති බි‍ඳෙන්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මගේ සිත
      හඳුනනවනම් ඒ තරම්
      නොසිතෙන්නේද සැබැවින්
      බෙදා ගත හැකි බව
      ඔබේ සීතල කඳුළු
      අප දෙදෙනාට
      බිඳෙන් බිඳ හරි
      ලං කර ගන්න
      හැකි බව සතුට…
      ඇයිද අකමැති
      උත්සාහයක් වත් ගන්න
      ඒ ඔබේ ජීවිතය
      අත හරින්නට එපා එය
      බලා හිඳිනෙමි මඟ
      බලාපොරොත්තු සිතවට
      නෑවිදින් ඉන්නේ නෑ නේද නුඹ..??

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: