සිත්තම

වළා ඇස අස  රැඳී  නිතොරව

පැණ සරව දකිමින්ම ලෝකය

සිතැඟි  සිත්තම් කරන්නටවත්

ඉඩක් දෙනවද නපුරු ලෝකය

ඉරා කඩ තිර එක් නිමේෂෙක

පෙලා කඩ ඉම  තලා පොඩි සිත

හඬවනා කල  නිතොර සිතුවිලි

දේදුන්නකින් පාට අරගෙන

හොරෙන් රහසින් අඳිමි  සිත්තම

පාට බොඳවුව කමක් නැහැ එය

වටිනවා නොවැ පුංචි ලෝකෙට

22 responses ඊළඟ »

  1. මගෙ දෑත් පුංචි බව මම දන්නවා හොඳහැටි….ඒ වුනාට ඒවා මගේමයි…(Hands:Jewel)..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සසර පෙර හුරුවකට
    දෙගුරු මඟ පෙනුමකට
    කුඩා කලෙ සිට දැනුනු තරමින්
    අයහ යහ මේ යැයි කියා වත්
    දැනේ නම් ඒ පුංචි සිතටම
    නපුරු ලෝකයේ රුදු හිතැත්තන්
    කුනූප පිරුනු හිස්
    බිම තබා කෑ මොර දෙනූ වත්
    අපිට මොකටද නෑසූ කනින් වත්
    අඳිනු යහපති නුඹේ සිත්තම
    සමාධිය පිහිටවා නිතොරම

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. කොතරම් බදුන් බිදුනත් කමක් නැහැ….. දෝතින් දිය බීමට හැහිය…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. එක පියවරයි අවැසි වන්නේ
    දහස් පියවර මනින්න
    ලොවෙන් සැඟවී සීරැවට
    නුඹ මවන සිත්තම්
    එකට ගෙන කලතමින්
    පාට කරමුද අපි,
    නුඹේ දෑස් තුලින් බලමින්,
    අඳුරැ දුහුවිලි පිරැණෙ මේ
    කළු සුදු කුරිරැ ලෝකය,
    නූඹේ දෑස් තුලින්……

    හරිම අගෙයි නිමන්ති සහෝදරී.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මේ පුංචි පැටියගෙ හිත ඔයා හරි ලස්සනට කියවල තියෙනව අක්කේ…

    බොරු කියන්නෙ මොකටද.. හැමදාමත් වගේ ලස්සන – අරුත්බර පද පෙළක් !

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. පාට බොඳවුව කමක් නැහැ එය

    වටිනවා නොවැ පුංචි ලෝකෙට

    ඇත්ත.
    කදිමයි…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. නුඹේ පැණ සර බවම
    නපුර ගෙන එනු ඇත නුඹට
    සිතුවමක අසිරිය
    ගීතයක සොඳුරු බව
    මලෙක මෙලෙක
    විඳගනු නොහැකි උන්
    ඉරා ගිනිබත් කරනු ඇත
    හොර රහසේම නුඹ ඇඳි සිත්තම්
    තලා දමාවි උන්
    නුඹවත්
    ඒ නිසා
    පරිස්සමින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. ඔබේ සිතුවම මා හදේ
    සුරක්ෂිතයි දැනටම
    මගේ බිය
    ඔබ ගැනයි
    ……………..
    ( බිත්තර කටුවක්වත් හොයාගන්න වෙයිද?)

    ප්‍රති-පිළිතුරු සැපයීම

~මන්දාකිණි~ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න