RSS Feed

~සැබෑව~

පිපි නෙළුම්  මල් වලට බඹරු එන්නැහැ කියා

නෙළුම් මල් කවදවත් පෙති නොවිදා ඉන්නවද

කළු වළාකුළු නිසා සඳ එළිය නොපෙනුනත්

සඳ කුමරි කවදවත් නෑවිදින් ඉන්නවද

හිරුට පෙම් බැඳි නමුත් කඩුපුලට කවදවත්

උදා හිරු දැකුමකට හැකි කමක් නෑ නේද

ගංදියේ පෙරළෙමින් කොයි තරම් සිනිඳු වුව

මලක පෙති පරදන්න කළු ගලට  බැහැ නේද

විලක දිය කොයි තරම් නිසසලව සිටියා වුව

මුහුද වෙත යන ගමන නැවැත්විය හැකිවෙයිද

මේ ගමන මා එක්ක යන්න කවුරුත් නැතත්

අතරමඟ නවතින්න ඉතිං මට  හැකි වේද

Advertisements

18 responses ඊළඟ »

  1. පිපෙන්නට රිසි වුනත්..නොමැතිදා රිවි මඬල……
    එළිය වනු රිසි වුනත්…මුවා වුනු සඳ මඬල…….
    හිරු නැතත් එළිය වී…පිපේ කඩුපුල ඉදින්….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. පිපුණු නෙළුමට බඹරු නො එතියි
    ඔබට කීවේ කවුරුන්ද
    සදා කල් මුවා කල හැකිවේද සඳ එළිය
    කළුම කළු වුවත් වළාකුලකට
    හිරුට පෙම් බඳින්නේ කිමද කඩුපුල
    දහසක් තරු මල් රෑ අහසේ බබලන විට
    කොයි තරම් සිනිඳු වුව මලේ පෙති
    නෙලා ගන්නට නො හැකි නම් කුමට ඒ මල
    විල් ජලය මුහුද වෙත ගියත්
    නැවත එනු ඇති විල වෙතම
    මේ ගමන ඔබ හා යන්නට
    කිසිවෙක් නැතැයි සිතුනේ
    අමතක වීද මා ගැන සැබවින්ම

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • කවුරුවත් මට නොකී
      නමුත් හැම වෙලාවෙම
      බඹරු මල වටේ නම්
      ඇත්තටම නැහැ නේද ??
      මොහොතකට වන නමුදු
      නැඟුණු විට කළුවළා
      ඇත්තටම සඳ එළිය
      සැඟවිලා යයි නොවෙද ??
      කොයි තරම් තරු එළිය
      රෑ අහස සැරසුවත්
      හිරු වගේ නොවේයැයි
      සිතනවලු කඩුපුලුත්
      නොපෙනෙනා දුර උනත්
      නෙලා ගනු බැරි වුවත්
      මල් දෙසත් නොබලනම්
      යන්නේම නැහැ නොවෙද ??
      ඔබ ඔහොම කිව්වාට
      මුහුදු දිය ඒ එන්නේ
      ලුණු රසය අතැර යලි
      පෙර පුරුදු ලෙස නොවෙද ??
      කොයි තරම් මතක ඇති
      නමුත් ඔබ මගේ සිතට
      මා එක්ක එන්න යැයි
      කියන්නේ මං කොහොම??

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මේ නිහඩ ලොව බිදින්න එක් සිනුහඩක් මට ඇසෙන්න….

    ලස්සනම ලස්සන පදපෙලක්..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. හ්ම්ම්…. සකුරා මල් පිස එන සුවඳක් දැනේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මේ ගමන මා එක්ක යන්න කවුරුත් නැතත්

    අතරමඟ නවතින්න ඉතිං මට හැකි වේද

    අක්කේ ලස්සනයි කියල විතරක් කියන්නම්..
    ආත්මාර්ථකාමී කමකට නෙවෙයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. තමාට පිහිට තමාමයි කියලා දන්නවනේ සහොදරි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. ඔන්න හුඟ කාලෙකට පස්සෙ මන්දාකිණිය පැත්තෙ රවුමක් ගහල යන්න ආවා……..
    ලස්සන අදහසක් ලස්සනට පද වැලකට අමුනල හරිම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: