Daily Archives: 2010 සැප්තැම්බර් 1

මතක මං පෙත

මතක මන්දිර අතර සංහිඳ
කන්ද පාමුල  බලා හිඳිනෙමි
මතක සුවඳට ලොබ බැඳුනු සිත
අතීතය හා කථාවක පොඩි
මතක පිණි බිඳු පොකුරු අහුරම
තබා  මගෙ මේ සිත මතම නිති
වින්ද සෙනෙහස දුරක ගියමුත්
කඳුළු නම් තව මා ළඟම ඇති
මතක මං පෙත ඇවිද යන්නට
පෙර පුරුදු ලෙස සෙමින් වත් අපි
එන්න නෑවිත් යන්නේ කොහොමද
නවත ගන්නට හදන්නෑ යලි