RSS Feed

මතක මං පෙත

මතක මන්දිර අතර සංහිඳ
කන්ද පාමුල  බලා හිඳිනෙමි
මතක සුවඳට ලොබ බැඳුනු සිත
අතීතය හා කථාවක පොඩි
මතක පිණි බිඳු පොකුරු අහුරම
තබා  මගෙ මේ සිත මතම නිති
වින්ද සෙනෙහස දුරක ගියමුත්
කඳුළු නම් තව මා ළඟම ඇති
මතක මං පෙත ඇවිද යන්නට
පෙර පුරුදු ලෙස සෙමින් වත් අපි
එන්න නෑවිත් යන්නේ කොහොමද
නවත ගන්නට හදන්නෑ යලි

Advertisements

17 responses ඊළඟ »

  1. මතකය දියකොට මධුවිතක…යලි හැඩ ගසන්නට දැරුවත් කොතරම් වැර වෑයම්…..තාමත් මං තනිවම මතකය සමගින් මෙතැනම……..:(

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. හෙට උදෑසන හිරු පිපෙන විට
    පිණි බිඳක් සේ වියැකි යනු ඇත
    අතීතය හා බැඳුනු මතකය
    කඳුලු සමගින් නෙතග කැටි වුන
    මතක මං පෙත ඇවිද ගොස්
    යලිත් කුමකට පාර ගන්නද
    සෙමින් සුව වන අපේ සිත්
    නවත ගන්නට හදන්නෙත් නැහැ නොව

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අතීතය නැවතත්
    කුමට කැඳවනු
    ගිනි නිවී ගිය
    වර්තමානෙට…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ජීවිතය පහුරක් ලෙසින් ගෙන
    දෙපසකට අපි පාව යාවී..
    ඉතින් ආයෙත් මතක සුවඳක්
    පමණක්ම මට ඉතිරි වේවී..
    වින්ද සෙනෙහස දුරක ගිය බැව්
    නොම සිතන්නද කෝම පේවී..
    නවත ගනු නොහැකී මටත් දැන්
    මගේ සිත මෙහි ඇවිත් යාවී..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අක්කේ…
    වෙන මොනව කියන්න ද ?
    උපරිමයි….

    තව එකක්….
    අළුත් නවාතැනත් හරි ලස්සනයි… කලඑළියයි….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. හිතට වදදෙන
    මතක විසිකර
    නැවුම් සිතිවිලි
    ගන්න ළංකර
    හොඳද සොයුරිය?

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: