RSS Feed

~සිතින් ඔබේ ළඟ~

සිතේ තනියට ඔබේ නෙතු අඟ
රැඳී දිදුලන කඳුළු බිඳු කැට
බොහෝ දුර වුව සිටින මා වෙත
අරගෙනා එන වදන් මිණි කැට

හොරෙන් හෙමිහිට මගේ සිත මත
අඳින ඉරි ගැන සිතා බැලු විට
නොපෙනෙනා ඔබ කැඩපතක ලෙස
මගේ අභියස අරුමයකි එය

දුරින් සිට වුව ඔබේ සිත ළඟ
ඔබේ තනියට රැඳී ඉන්නම්
සිතේ රැඳි දුක ඔබේ ළඟ හිඳ
නිහඬවම මම අසා ඉන්නම්

අතේ දුර ඔබ නැති වුවත් අපි
සිතින් එක ළඟ යැයි සිතාගෙන
කඳුළු පිසදා සිනාවෙමු දැන්
හඬන්නට බැහැ ආයෙ නම් නුඹ..!

Advertisements

14 responses ඊළඟ »

  1. සිත් නිතින් නුඹ්
    යාව ඇති තැන
    නෙත් දුරස්වී
    තිබුන වුව කිම?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. දුරින් සිටියත් ලඟින් සිටියත්
    සෑම මොහොතක මගෙ සිතේ ඔබ
    විඩාබර නෙතු පියවෙනා ‍රැය
    සිහිනයක ‍රැඳී මා අසල ඔබ

    නැවත නෙතු හැර බලන සඳ
    කඳුලු සහ මා පමණි ඔබ නැත
    ඉතින් කෙලෙසක නාඬා ඉන්නද
    සිහින පමනක් සොඳුරු මේ ලොව

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ඇත්තටම ගොඩක් හිතට දැණුන පද පෙළක්…

    අක්කෙ එයා මා ගැන හිතනව ඇත්තෙත් මෙහෙම වෙන්ඩැති…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ෂහ් මන්දාකිණියේ හැඩ මම දැන්නෙව දැක්කේ… හරිම ප්‍රියයි ඇසට දැන්… අද කව් පෙළත් හිතට බොහොම සමීපයි…
    “බොහෝ දුර වුව සිටින මා වෙත
    අරගෙනා එන වදන් මිණි කැට”
    ස්තූතියි නංගියෝ….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අතේ දුර ඔබ නැති වුවත් අපි
    සිතින් එක ළඟ යැයි සිතාගෙන
    දුරින් සිට වුව ඔබේ සිත ළඟ
    ඔබේ තනියට රැඳී ඉන්නම්
    ලස්සනයි…..ගොඩක්.
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: