RSS Feed

Monthly Archives: ඔක්තෝබර් 2010

සියුමැලි මල් පෙති…

මලක සියුමැලි පුංචි පෙති මත
තබා ඉසිලිය නොහැකි දිවි බර
අනන්තය වෙත නෙත් හෙලනු හැර
හඬා වැලපී වැඩක් වෙනවද..?
සිත පුරා රැඳි දුකේ තනියට
නෙතේ සැඟවුණු කඳුළු බිඳු දැක
දුවේ ඇයි දැයි කියා ඇසුමට
පමාවෙන්නේ කවුද ඇත්තට..?
පාවෙලා යන සුසුම් ගුලි කර
හදේ කුටියක තබා හෙමිහිට
සෙමින් පියවර තබනු හැර මම
පැරදිලා පසුබසිනු කුමටද..?

ආදරය තරම්…

මව් සෙනෙහස දරුවෙකු හට
අවැසිද කෙතරම්
පියෙකුගෙ රැකවරණය යට
සුරැකිද කෙතරම්
මාපිය උණුසුම සෙවනෙදි
ලෝකයක් තරම්
වෙනත් දෙයක් කොහේ ඇතිද
ආදරය තරම්…