RSS Feed

සියුමැලි මල් පෙති…

මලක සියුමැලි පුංචි පෙති මත
තබා ඉසිලිය නොහැකි දිවි බර
අනන්තය වෙත නෙත් හෙලනු හැර
හඬා වැලපී වැඩක් වෙනවද..?
සිත පුරා රැඳි දුකේ තනියට
නෙතේ සැඟවුණු කඳුළු බිඳු දැක
දුවේ ඇයි දැයි කියා ඇසුමට
පමාවෙන්නේ කවුද ඇත්තට..?
පාවෙලා යන සුසුම් ගුලි කර
හදේ කුටියක තබා හෙමිහිට
සෙමින් පියවර තබනු හැර මම
පැරදිලා පසුබසිනු කුමටද..?
Advertisements

6 responses ඊළඟ »

  1. සුමුදු සිවුමැලි ළමාවිය
    අහිමි වුනු පුංචි සමනලියක
    පියාඹනු දැක රිය දොරින් දොර
    සිහිල් කල රිය තුල ගලන කඳුලක්
    නුඹට කුමටද දිරිය දියණිය
    ඉගිලී යනු මැන
    රතු එලිය නිවී ගොස්
    කොළ එලිය එන්න පෙර

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ළමා වියට ළමා විය අහිමි වීම තරම් ඛේදාන්තයක් තව තිබේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: