RSS Feed

Monthly Archives: පෙබරවාරි 2011

හද කවුළු දොර හරිමි…

අගුළුලා වසා තිබු
හද කවුළු දොර හරිමි
සඟවලා මෙන් තිබූ
මතක පොත දිග හරිමි
සුසුම් සුළඟේ පැටලි
සොඳුරු සිහිනෙක සරමි
ඔබේ සුරතෙහි වෙලී
ලඟින් පියවර මනිමි
ඔබේ අතැඟිලි ගිලිහී
ගියේ ඇයි දැයි සිතමී
මතක සුවඳක දැවටි
එන්නෙ දැයි මඟ බලමී..!!

(පින්තූරය ලබාදුන් නෙතාරාට ස්තූතියි..!)