RSS Feed

හද කවුළු දොර හරිමි…

අගුළුලා වසා තිබු
හද කවුළු දොර හරිමි
සඟවලා මෙන් තිබූ
මතක පොත දිග හරිමි
සුසුම් සුළඟේ පැටලි
සොඳුරු සිහිනෙක සරමි
ඔබේ සුරතෙහි වෙලී
ලඟින් පියවර මනිමි
ඔබේ අතැඟිලි ගිලිහී
ගියේ ඇයි දැයි සිතමී
මතක සුවඳක දැවටි
එන්නෙ දැයි මඟ බලමී..!!

(පින්තූරය ලබාදුන් නෙතාරාට ස්තූතියි..!)

Advertisements

10 responses ඊළඟ »

  1. කවුළු පියන්පත් තුලින්…
    ඒ සුවද ඔබේ මතකේ පෑටලෙමින්..
    ඔබේ සිහිනයට පනදෙන්න….
    හිරු කිරන සේ ඒවි….
    ඔබ ලගම දෑවටෙන්න..

    ඈස් කෙවෙනි බොදවෙන්න..
    සතුටු මුතු සලාලා
    අයෙත් නුබ හිනෑහෙන්න..
    කිංකිනි හඩ නගාලා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. එදා සොඳුරුම මතක
    මෙදා දුක් සුසුම් වී
    සුසුම් සුළඟේ පාව ඒ
    මතක සුවඳේ එතී
    එන්නෙ ඔහු නම් නොවේ
    මග බලන නෙත රවටනා
    මිරිඟුවක් වූ
    මතකයයි ඒ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. කිරි කිරිස් කියලා සද්දයක් ආවෙ ඔය කවුළු දොර ඇරපු සද්දෙ වෙන්න ඇති 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: