RSS Feed

යන්න යන්නෙමි…

උදා අසිරිය විඳිනු රිසියෙන්
සුපිපි සුදු අරලියා මලක්
හදිස්සියේ ආ නපුරු සුලඟක්
අනේ උදුරාගෙන ගිහිං..

බිම වැටී  පෙති විසිරිලා ගිය
එ මල වාගෙම වූ සිතක්
බිඳී විසිරුණු සිහින අභියස
මෙහෙම සිතුවලු දුක් සිතින්..

නෙත’ඟ කඳුළලි සැමට රහසින්
වලාකුළු  මත  රඳවලා
සිතේ සුසුමන් විසුරුවාලමි
සුළඟ ‘ආ’ ගන්නැයි කියා..

කාලයේ වැලි තලාවේ යට
මතක  පමණක් සඟවලා
නික්ම යන්නෙමි පුංචි තරුවක්
පහන ලෙස එහි රඳවලා..

Advertisements

10 responses ඊළඟ »

  1. ලෙලෙන මලෙක සුවඳ විහිඳු
    මද පවන ඇයි පරුෂ වූයේ
    රිදවන්නට ද රුක
    මල නෙලූයේ
    රැක ගන්න බැරිවද බිම හෙලූයේ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ලස්සනයි නිමන්ති අක්කෙ.. කාලෙකින් ආවෙ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. නිමා කර දිගු නිහැඬියාවක්
    නැවත ආ මුත් සැරසිලා
    නුඹ හෙලූ හැම කදුළු බිඳකින්
    ඇත වළාකුළු පෙඟවිලා…

    කොහෙ ගියත් නුඹ
    මතක අතහැර
    යන්න බැරිබව දන්නවා ඇත
    එන්න ළඟටම බැරි උනත් මට
    නුඹ ගැනම විමසමින් ඉනු ඇත…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: