RSS Feed

~සයුර සේ නුඹ~

සුළඟ වෙත දුක් සුසුම් පා කර
වළාකුලු මත කඳුළු අතුරමි..
සඳ කැලුම් ගෙන මුව’ඟ තවරා
තරු දෙකක් ගෙන කනේ පළඳිමි..
උදා හිරු සේ සිනාසී මම
නුඹව පිලිගන්නටම සැරසෙමි..
පාට දේදුනු එළා මඟ දිග
සිනිඳු මල් පියවිලි සදන්නෙමි..
එන නො එන බව නොකියාම ගිය
නිසාවෙන් තව මඟ බලන්නෙමි..
එහෙම ආවත් ලඟ හිඳී දැයි
ඇත්තටම නම් තව නොදන්නෙමි..
සයුර සේ නුඹ නික්ම ගියහොත්
වෙරළ වාගෙම නිහඬ වෙන්නෙමි..

ඡායාරූපය ලබාදුන් මංජුට ස්තූතියි..!

Advertisements

4 responses ඊළඟ »

  1. ගෙවා දුර ඇදී ආවෙමි
    හැපී ගල්පර සුණු වූයෙමි
    රුවන් වැලිතල කිරෙන් දෙවුමි
    කෝ කෝ නුඹ සොවින් තැවුණෙමි
    නුහුරු පිය සටහන් මකා දැමුවෙමි
    බිඳී ඉසිරී පෙරළා යන්නෙමි
    සිතිජ ඉමේ සොයා පීනමි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මග බලන් ඉන්නට එපා යැයි
    කියා ගන්නට හිතට ලෝබයි
    පිළිගතම යුතු ඇත්ත තිත්තයි
    නුඹ ප්‍රියාවිය මෙමට අහිමියි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මාරයාගේ හෝරාව...

    ඈත තිබෙනා ක්ෂීතිජ ඉම තෙක්..
    නොනැවතී එක ලෙස දුවන්නෙමි..
    ඒ නමුත් සැනෙකින් හැරී යළී..
    නුඹේ පහසම සොයා එන්නෙමි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. සයුර සදහටම නික්ම යන්නෙ නෑනෙ ආයෙ ආයෙ වෙරලට එනවනෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: