RSS Feed

Monthly Archives: මැයි 2011

ඒක මහ දිග කතාවක්….

දුක හිතෙන හීනයක්
නෙතඟ වියලුනු කඳුළක්
උණුසුම් සුසුම් කන්දක්
නිමා නොවනා ගමනක්
අහන් ඉන්නට කවුරුවත් නැති
ඒක මහ දිග කතාවක්….

දිලුම්…

වෙසක් සඳ හෙමි හෙමින්
බැස යද්දි අහස් කුස
ඔබ යන්න ගිහිං වග
සඳ එක්ක දුර ඈත
අඳුරු තරුවක් ඇවිත්
කිව්වා මට උදෑසන..

පෙර ඈත එක් දිනෙක
හමුව සමුගන්න කල
‘ගිහිං එන්නම්’ කියා
මම ලියුව විට පොතක
‘හා හොඳයි’ කියූ හඬ
ඇහෙනවා මට තාම ..

හමු වෙන්න හිතාගෙන
සමු ගත්ත මුදු එදින
ආය ඔබ එන්නේ නෑ
කොහොම අදහමිද එය..??

යලි  කවමදාකවත්
ලබැඳි සිත් හඬවලා
අකල් හී මේ ලෙසින්
සමු ගන්න
ඔබට සිදු නොවේවා …!
පතමින්ම මුලු හඳින්…
නිහඬ වෙන්නම් ඉතිං..