RSS Feed

දිලුම්…

වෙසක් සඳ හෙමි හෙමින්
බැස යද්දි අහස් කුස
ඔබ යන්න ගිහිං වග
සඳ එක්ක දුර ඈත
අඳුරු තරුවක් ඇවිත්
කිව්වා මට උදෑසන..

පෙර ඈත එක් දිනෙක
හමුව සමුගන්න කල
‘ගිහිං එන්නම්’ කියා
මම ලියුව විට පොතක
‘හා හොඳයි’ කියූ හඬ
ඇහෙනවා මට තාම ..

හමු වෙන්න හිතාගෙන
සමු ගත්ත මුදු එදින
ආය ඔබ එන්නේ නෑ
කොහොම අදහමිද එය..??

යලි  කවමදාකවත්
ලබැඳි සිත් හඬවලා
අකල් හී මේ ලෙසින්
සමු ගන්න
ඔබට සිදු නොවේවා …!
පතමින්ම මුලු හඳින්…
නිහඬ වෙන්නම් ඉතිං..

Advertisements

5 responses ඊළඟ »

  1. වෙසක් සඳ එක්කම
    බැස ගිය පුන්චි තරු කැටය
    සිත් අහස් ඉම කෙළවරින්
    දුර ඈත……..
    නොපායනු වස් කිසිදිනක……

    සිතුවෙ නෑ සමු දෙන්න
    මේ ලෙසින් කිසිදිනක
    දුක හිතුනෙ නැද්ද ඔය
    ඉලන්දාරි හදවතට……

    උදා වන හෙට දිනේ
    නිහඩවම යන විටදී
    පතන්නම් යළි දිනක
    හමුවෙන්න මතු භවයෙ….

    දයාබර සොයුර…ඔබට නිවන් සුව අත් වේවා…!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

    දිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. Good night, sweet prince. May hosts of angels sing you to sleep. …

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. නික්ම යන්නට ඉක්මනින්
    කොහොම සිතුවද සත්තකින්
    කමක් නෑ දැන් මක් කරන්නද
    ගිහිං ආයෙම එන්න විගසින්….

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: