සිහින කැබළිති…

නිල් අහස යට විලක් අසබඩ
අතින් අල්ලන් ඇවිද යන්නට…
අමාවක රෑ පාලු අහසේ
විසිරිලා ඇති තරු ගනින්නට…

ඔබේ උරහිස හිස හොවාගෙන
නෙතේ කඳුළැලි සඟව ගන්නට…
පෙරුම් පිරුවෙමි  ඈත දවසක
අනේ එදවස නික්ම ගොස් ඇත…

බිඳී විසුරුණු සිහින කැබළිති
තබා සුරකිමි අඳුරු කුටියක…
ඇවිත් යන්නට ඒවි දැයි මඟ
බලමි යලි යලි සෑම මොහොතක…

14 responses ඊළඟ »

  1. හරිම ලස්සනයි අක්කේ…..

    බිඳී විසුරුණු සිහින කැබළිති
    තබා සුරකිමි අඳුරු කුටියක…
    ඇවිත් යන්නට ඒවි දැයි මඟ
    බලමි යලි යලි සෑම මොහොතක…

    මේ කොටසට මම හුඟාක් ආසයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අපුරුයි අක්කෙ.. කාලෙකින් ආවෙ.. හරිම අපුරුයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මට පණිවිඩයක්…. නෑ අක්කා.. මේල්ද ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. විහඟුන් වූ නිසාදෝ පදපෙල ගොඩාක් දැනුනා, ගැඹුරටම.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. එන කෙනාට එහෙනම් හාකබොන් වගේ හොඳට ඇලවෙන ගම් එකකුත් අරගෙනම එන්න කියන්න වෙනවා. 😀

    අපෝ ඔය දිලාට පණිවිඩ තියලා කිසිම පලක් නෑ අක්කේ.. :p

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. මේ දිනවල මගේ හිතට දැනෙන්නෙත් මේ විදිහටමයි. මුල සිට අගටම, වචනයක් වචනයක් පාසා හදවතට දැනුණා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සොදුරු සුමිතුරු, විදිමි විසිතුරු,
    ඇමිණු කැබලිති සිහින අමයුරු,
    සිහින විසිරුණු එක් මැ විය යුතු!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ගල්මල්-Coral වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න