RSS Feed

~සිහින කැඩපත~

සිහින කැඩපත තුලින්
යලි යලිත් දකිනෙමි
තරු දෙනෙත මුවා කර
කඳුළු බිඳු පිසලමි..

සඳ කුමරි හෙමි හෙමින්
නිසොල්මනෙ නික්ම යන
සොඳුරු මුදු පාන්දර
තිගැස්සී අවදි වෙමි..

ඔබ තබා ගිය සිහින
තවම ඇතියෙන් මහද
විවරවූ දොර අඟුළු
යලි තදින් වසා ගමි..

හද කවුළු දොර අසල
ඉටි පහන් දල්වලා
සුළඟ යන අත බලා
සුසුම් පා කරලමි

පෙර’ඹරින් හිරු නැගෙන
තුරු සරා මතක’තර
රහස් සඟවමි උදේ
පිපුණු මල් පෙති අතර..

‎~දනුෂ්කා නිෂාදී කුලරත්නගේ කවියක් නිසා ලියවුනකි~

Advertisements

3 responses ඊළඟ »

  1. ලස්සන හීනයක් දැකලා නේද?!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සිහින සිප වැළඳගෙන
    ළයෙහි හොවමින් නිබඳ
    කුමට රකිනුද සබඳ
    ප්‍රේමයේ පැසුළු යම

    වැටහුමෙහි උදා රැස්
    නෙතු පියන් සූරද්දී
    නැත තවත් නිදන’යුරු
    සිහින නොම වේ සුහුරු.

    වැසූ දොරගුළු බිඳින්
    යුහුව, උදාන්තයට පෙර
    සිහින සැතපෙයි, අන්න
    ඔබට අත වනයි හෙට.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: