RSS Feed

මතක විතරක් ඉතිරි වෙන හැටි…

අතීතයෙ එක් සොඳුරු දවසක
මගේ සිත ළඟ නුඹ සිටිය හැටි..
රෙබරෝසියා මල් වැස්ස මැද
හෙමි හෙමින් අපි ඇවිද ගිය හැටි..

හදිස්සියෙ ආ නපුරු සුළඟක්
අපව පසු කර හමා ගිය හැටි..
ඒ සුළඟ හා එක්ව එදවස
මා වෙතින් නුඹ නික්ම ගිය හැටි..

කාලයේ වැලි තලාවක් මැද
මසිත පමණක් තනිව ගිය හැටි..
මතක මං පෙත වසා දමමින්
අඳුරු තිර පට ඇඳී ගිය හැටි..

අහම්බෙන් මගෙ මතක අතරට
හදිස්සියෙ නුඹ ඇවිත් ගිය හැටි..
කොයි තරම් කල් බලා සිටියත්
ආයේ නම් නුඹ එන්නේ නැති හැටි..

Advertisements

12 responses ඊළඟ »

  1. i think this is my past you have done it exactly… those days in peradeniya… everything is past now…………………

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. දිලන්ත මානෙත්

    නැවත ආවත් අරුමයක් නැති හැටි…
    කලකිරීමත් පසුතවීමත් ඉමක් කොනක් නැති..
    ගතින් වෙනසක් වී ද පෙර නැති….
    සිතින් තවමත් අහන්කාරයි, වෙනස් නොවන බව මෙ මා නොදත් හැටි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අමුත්තකු සේ වෙනස් වූ හැටි…..
    නොසිතු අයුරින් දමා ගිය හැටි…
    මලක් වූ සිත ගලක් වූ හැටි…
    තනිය මාහට උරුම කල හැටි…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. //ආයි නම් නුඹ එන්නෙ නැති// වුනත්
    ඒ මතකය ද නැති වනවාට වඩා මිහිරි මතකයක් හැටියට
    ‘මතක විතරක් ඉතිරි වෙන හැටි’ ගොඩට
    දාන්න නැති අයෙක් නොව
    ඇති අයෙක් වීම වඩා ‍වාසනාවන්තයි නේද?!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: