RSS Feed

Monthly Archives: මැයි 2013

තරු….

අතීතය ගැන සිහිනෙක
සිත සැරිසරන මොහොතට
මුවින් ගිලිහෙන සුසුමක
යලිත් හමුවෙයි නුඹ මට..

රැය නිදි වරා වෙහෙසින
පියව යන ඇසිපිය යට
ඉකිබිඳ හඬන කඳුලට
නවාතැන විය හදවත..

පින්න ඉහිරෙන අළුයම
අඳුර ගිලිහෙන අහසට
යොමමි නෙත් හෙමිහිට
එකදු තරුවක් ඇතිද බැලුමට..

Advertisements

කඳුළු..

Imageතුවක්කුවකින් වචන
ගලනවා ඇහෙන කොට
ඇසි පියන් කඳුළු පෙළ ගසනවා
වැටෙන්නට අකමැතිම එක කඳුළු බිංදුවක්
අනේ මං අතාරින්නට එපැයි
දහස් වර ඇසිපියට යදිනවා..