RSS Feed

Monthly Archives: ජූනි 2013

අතරමං වෙමි…

Image

හිත රිදෙන හැම විට
අඳුරු අහසට එබෙනෙමි
අසුරු සැනෙකින් මොහොතක්
කදෝකිමි එළි දකිනෙමි..

නම නොදන්නා මල් පිස එන
සුළඟට සුසුම් විසුරමි
ලිහී විසිරෙන හැඟුමන්
මිටින් එකිනෙක මුදනෙමි..

හිරු රැස් දවන මාවත
තනිවම ඇවිද යන්නෙමි
විසල් තුරු පෙල අද්දර
මඳකට දෙනෙත නවතමි..

නොදැනිම නැගෙන කඳුළැල්
කහ ඉරක් මත සඟවමි
සිව් මංසලේ අභියස
දැන දැන අතරමං වෙමි…