RSS Feed

නිකමටවත්ම හිතුනද..?

Imageගිගුරුම් දෙවා අහසම
වැටෙන විට මහ වැසි දිය
නිකමටවත්ම දුටුවද
මගේ කඳුළුත් මුසු වෙලා වග..??

ගත දැවටෙනා මඳනල
සිතේ සරතැස නිමුවද
නිකමටවත්ම හැඟුනද
මුදාහල සුසුමක සිසිල වග..??

පුරුදු මඟ පිය මැන
යන  එනා විට හැමදින
නිකමටවත්ම  දැනුනද
මාත් ඒ මඟ ආ වග..??

කලාතුරකින් දවසක
දුරක හිඳ අමතන විට
නිකමටවත්ම හිතුනද
ඒ නිහඬ හඬ මගෙ වග..??

Advertisements

21 responses ඊළඟ »

  1. තිස්ස දොඩන්ගොඩ

    අපූරුයි!
    නිහඬ අරණ දළු මල් පුබුදයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අතරමං වූයෙමි පදපේළි අතර…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අක්ක ආපහු ලියන්න අරන් කොච්චර දෙයක්ද…. 🙂 (මට ඊ මේල් එක දෙනවදෝ….)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මහා ගිගුරුම් සමග නොනැවත
    හඬ දෙමින් ඇද වැටෙයි මහ වැසි
    හඳ තුළ
    නුඹේ එක් කඳුලක් මුහුවුණ
    මහා වැස්සම මගෙ කඳුළු බව
    දැන සිටියාද නුඹවත්
    මේ වන තුරුම…

    පිය නඟන මග සැම දින
    නුඹව නොදුටුව බව සැබැවි
    නමුදු ඒ මග දිගටම
    නුඹව සිහි කර කර ම ගිය වග
    නුඹ වුවද පිළිගන්නා බව දනිමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. දැන් ලියන්නේ නැත්තේ මොකෝ. රයිටර්ස් බ්ලොක්ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: