RSS Feed

Monthly Archives: පෙබරවාරි 2014

සෙවනැළි

images

මතක සෙවනැළි ගාව
නැවතෙනා හැමදාම
පෙති සිඳී ගිය මලක
සුවඳ දැනෙනව තාම..

එ..ත..කො..ට..

බොඳව ගිය නෙත් අගින්
අකුරු අතගා බලමි
ඇඟිලි තුඩු රිදුම් දෙන
රහස සඟවා ගනිමි..

වියලි සුළඟට සුසුම්
සියක් දහසක් මුදමි..
කිසිත් සිදු නොවූ ලෙස
හුන් තැනින් නික්ම යමි..