RSS Feed

Monthly Archives: මැයි 2014

පුංචි මල් කිනිත්ත..

164404670
තැපෑලෙන් ලද
පුංචි මල් කිනිත්තක් සහිත
කිසිවක්ම නොලියු
සුභ පැතුම් පත..
සුරැකිව තබාගෙන ඇත..
සමහර දවස් වල
දුකම දුක හිතුනු මොහොතක
ඒ පුංචි මල් කිනිති
අතැඟිලි තුඩින්
අතගා බලමි හෙමිහිට
හිතා ගන්නත් බැරි ලෙස
හුරු පුරුදු මතකයක
සුවදක් ගෙන එයි ..
හීන් සීරුවට..
පියන්පත වසා තබනෙමි
පැරණි පොත් අතර
ආයෙමත් සැරයක්
ඕනෑ වූ විටෙක ගන්නට..
Advertisements