RSS Feed

Monthly Archives: ඔක්තෝබර් 2014

~රාජිනී ~

බිඳුනු තල්ගස පාමුලට වී
කඳුලු ඇහිදපු රාජිනී..
යාල්දේවිය අයෙත් එනවා
මිතුරු සුළඟට යාන්වී..

සිඳුනු ප්‍රේමය සිතේ දවටන්
තල් ගහක් පාමුලට වී
නුඹ බලාගෙන ඉන්නවා ඇති
සුසුම් සමඟින් යාලුවී..

මිඳුනු අතැඟිළි අල්ලගන්නට
ආය බැරිමුත් සිනාවී
කමක් නෑ අපි හිත හදාගමු
පස්සෙ දවසක හමුවෙමු..

1989 සැප්තැම්බර් විසි එක්වනදා සිය සේවය නිමවා නිවසට එමින් සිටි රාජිනී රාජසිංහම් තිරාණගම නම් වූ එවකට යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායවිච්ඡේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් හිසට වෙඩි තබා මරා දැමුණි.

Advertisements

~සේයාරුව~

j

ඉස්සර  ඈත දවසක
මං හිටපු තැන
ඔබේ අත අල්ලගෙන
උරහිසට හිස තියාගෙන
ඇස් දෙක පියාගෙන..
අද වෙන කෙනෙක්
මඳක් සිනාවීගෙන
බිම බලාගෙන..

නුඹ..
මං කැමතිම ටීෂර්ටය හැඳ
දුම් දමන කහට කෝප්පයක් අතැතිව
නිහඬව ..
දුර ඈත බලාගෙන…

මම..
එක්තරා තැනෙක
හුදෙකලා කුටියක
තිගැස්සී අවදිව..
අදහාගත නොහැකිව..
සිහිනය කැබලි කරමින..
මෘදු සීත අලුයමක..