RSS Feed

~රාජිනී ~

බිඳුනු තල්ගස පාමුලට වී
කඳුලු ඇහිදපු රාජිනී..
යාල්දේවිය අයෙත් එනවා
මිතුරු සුළඟට යාන්වී..

සිඳුනු ප්‍රේමය සිතේ දවටන්
තල් ගහක් පාමුලට වී
නුඹ බලාගෙන ඉන්නවා ඇති
සුසුම් සමඟින් යාලුවී..

මිඳුනු අතැඟිළි අල්ලගන්නට
ආය බැරිමුත් සිනාවී
කමක් නෑ අපි හිත හදාගමු
පස්සෙ දවසක හමුවෙමු..

1989 සැප්තැම්බර් විසි එක්වනදා සිය සේවය නිමවා නිවසට එමින් සිටි රාජිනී රාජසිංහම් තිරාණගම නම් වූ එවකට යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායවිච්ඡේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් හිසට වෙඩි තබා මරා දැමුණි.

Advertisements

7 responses ඊළඟ »

  1. තිස්ස දොඩන්ගොඩ

    “කමක් නෑ අපි හිත හදාගමු
    පස්සෙ දවසක හමුවෙමු..”
    Excellent!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. බිඳුනු තල් ගස පා මුලට වී
    කඳුලු ඇහිඳින රාජිනි
    කැදැලි සුන් වී විසිර ගියදා
    තනිකමයි නුඹෙ සාමිනි

    කැඩුණු ගේ දොර නැගුණු විජිතය
    අතැර දා ආ රාජිනි
    ඉතින් කෙලෙසක සිනාසෙන්නද
    ගැටෙන අවි හඬ ලඟට වී

    රිදුණු පපුවට හෙමින් කන් දී
    අසමි නුඹේ සිත ලඟට වී
    ලඟක නොපෙනෙන සිහිනයක් ලඟ
    නිහඬවම නුම ඉකි බිඳී.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • දියණියන් ළඟ මවක වෙන්නට
      බැරිව ලතැවෙන සිතිවිලී..
      වසංගාගෙන ඇවිද ආවෙමි
      තනිය දැනුනත් රැව් දිදී..

      අවි ගැටෙන හඬ නොඇසෙනා මුත්
      කඳුළු හංගන් රැළි නැගී….
      සිනාවෙන්නට බැරිව ඉකිළන
      ඉරණමඩු වැව තව ඇතී..

      මුවින් ගිලිහුණු සුසුම දෝතින්
      අල්ලගන්නට බැරි උනී..
      කෝවිලේ ලඟ සොහොන් බිම නුඹ
      අතැරදා මම නික්මුණී..

      ඒ අතරමඟ ගෙවුනු කාලය
      අදහ ගන්නට බැරි උනී..
      නුදුරු දිනකදි යලිත් හමුවෙන
      සිහින මම අතහැර නැතී..

      1989 සැප්තැම්බර් 25 වනදා නල්ලූර් හී ඇගේ පවුලේ සුසාන භූමියේදී රාජිණී ගේ අවසන් කටයුතු සිදු කීරීමෙන් පසු දියණියන් දෙදෙනා දැතින් අල්ලා ගත් මම සොහොන් බිමෙන් නික්ම ආවෙමි.. -දයාපාල තිරාණගම-

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • තනිය මකනට ළඟින් ඉන්නට
      ඇවිත් යන්නට බැරි උනී..
      සෙනෙහෙ සිත නුඹෙ දන්න හින්දා
      දියණියන් ගැන සැනසුණී..

      සුනුවිසුණු වී ගියද විජිතය
      කැබලි දොරකඩ තව ඇතී..
      සිනා සෙන්නට බැරි නමුත් නුඹ
      කඳුළු හංගාගෙන ඇති..

      හෙමින් හිරු බැස යන සැඳෑවක
      සියොත් කැළ ගී ගයාවී….
      හොඳින් අහගෙන ඉන්න එතකොට
      මගේ හඬ යලි ඇසේවී..

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: