RSS Feed

Monthly Archives: නොවැම්බර් 2014

මීරියබැද්ද..

07bfee924b8d136b7e14cb6501583173

නාකැටිය නායගිය
ඉස්සරම දවස් වල
මතක සඟවා දමා
හිතේ යට එක තැනක..

දිවි ගමන ගෙන යන්න
ලපටි තේ දළු සොයා
වෙහෙසුනා මිසක ඇය
දන්නේ නෑ කිසි දෙයක්..

පුංචි පස් කැටි අතර
තිබුනු ඉඩකඩ ටිකට
අන්තිමම සුසුම් පොද
මුදා හරිනා විටෙක..

තිගැස්සුණු අන්තිමම
සිතිවිල්ල කුමක්දැයි..
හිතාගන්නට බැරිව
මං තාම එකම තැන..
අවසන් සුසුම් පොද සුළඟට මුසු කිරීමේ වරමද අහිමිව.. අසුරු සැනෙකින් පස් යට වැළළී.., ඉන් පසුව මිය ඇඳුනු..සියලු නන්නාඳුනන අහිංසකයින් වෙනුවෙනි..