RSS Feed

මං ගැන මට කියන්න තියන්නෙ…..

මම ගොඩක්ම කැමති සිංහලෙන් ලියන්න හා කියවන්න. මෙච්චර කල් නම් මම ලියල නැහැ මොනවත්ම.ඒත් ඔන්න දැන් මාත් ලියන්නයි හදන්නෙ මන්දාකිණියට.

මම ඉන්නෙ කොහෙද කියල කිව්වොත්..අනේ හරියටම එහෙම එක තැනක් කියල නැහැ..එක එක කාලෙට එක එක තැන් වල….ඒ නිසා තමා මම මන්දාකිණි උනේ.මම එක එක කාලෙට ලියන දේවලුත් මම ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙයි.බලන්නකෝ ඔයාලටත් ඒ වෙනස දැනෙයිද..?? කියලා.

හරි ගොඩාක් ස්තූතියි..!! මං ගැන මම කියපුව අහගෙන හිටියට.

23 responses ඊළඟ »

  1. ” මෙච්චර කල් නම් මම ලියල නැහැ මොනවත්ම.ඒත් ඔන්න දැන් මාත් ලියන්නයි හදන්නෙ මන්දාකිණියට ” – , ලියල තියෙන එව්වා දැක්කමනං එහෙම හිතෙන් නෑ. වැරදියට හිතන්න එපා. හොඳයි කියලයි කිව්වේ.කොහෙ හිටියත් කමක් නෑ. ජීවිත අත්දැකීම් එකතු කරගෙන අපිත් එක්ක බෙදා හදා ගන්න. සුබ අනාගතයක් කිව්වොත් ඒක politics වෙනවනේ.
    – ජය වේවා කියන්නං

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. @යෝගී
    අහන්න, දකින්න ලැබෙන දේ අනුව හිතෙන දේවල් වැඩි නිසයි ලියන්න ගත්තේ.නමුත් සැබෑවටම මං නවකයෙක්.
    බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට හා අදහස් පල කිරීම ගැන.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. එලස්…
    තවත් ක්ෂීර පත‍යක්ම වෙන්න කියලා සුබ පතනවා…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මන්දාකිණිය හම්බඋනේ මගේ ලිපියකට දක්වපු ප්‍රතිචාරයක් හරහා. නිතර එන්න හිතෙන තැනක්. අනාගතය පැහැදිලියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි …!!!වළාකුළු ..ඔබේ අගය කිරීමට.

      ‘ස්ටීව් බිකෝ’ කියන්නේ මම කැමතිම චරිතයක්..ඔබේ ඒ ලිපිය ඔහු ගැනයි
      ‘හඬනු මැන නිදහස’ පොත පලවෙනි වාරයේ කියවලා නැවත සොයාගන්න..මම අවුරුදු 15 කටත් වඩා වෙහෙසුනා..දැන්නම් පොත මම ළඟ තියනවා. 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මේ වෙලාවෙ නිමන්ති මගෙ බ්ලොග් එක කියවනව පේනව. දුර රටක්. පැය 05ක වෙනසක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. දැක්ක නේද වළාකුළුට පේන දේවල් හ්ම්?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. ඔබේ රිද්මය හරිම සුන්දරයි ….භාෂාව දැන ගත්තාට මදි එය රිද්මයකට හසුරුවන්න හැකි වීමත් පිනක් , ….හැකියාවක් ..ඔබට ඒ සුන්දර හැකියාව ඉහළින්ම තිබෙනවා…..ලියන්න ..අපි ඔබගෙ රිද්මික පද සැරියේ රස විදිනවා හැමදාමත්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මමත් නිතර මෙහේ යනවා එනවා..
    කවි කියවලා ඒවාට කොමෙන්ට් දාන්න ඕනේ උනත් මොනවද ලියන්නේ කියලා තේරෙන්නේ නෑ..

    සිත්ගන්නාසුළු බ්ලොග් එකක්..දිගටම කරගෙන යන්න.. ඔබට ජය!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. මන්දාකිනිය තුල
    දිදුලන තරු පොකුර
    එළියක් ගෙන ඒවි
    පුර සදටත් වඩා…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. ගලා හැලෙන කඳුඏ අතරින් සිනාසෙන්නට වෙර දරන මගේ හිතට ඔබෙි කවි සතුටක් ගේනවා නිසැතයි මට. මගේ සුභ පැතුමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: