RSS Feed

Category Archives: කවි සිතිවිලි

යලි නොඑමි…

13346706_1071486222925535_20291550547108220_n
මට ඕනේ අතුරුදහන් වෙන්න..
කාටවත් දැන ගන්න බැරිවෙන්න
හිටපු තැන අමතක
ඉන්න තැන නොදන්න
සිහින් සුළඟක පාව ගොස්
මීදුමක අතුරුදහන් වෙන්න…
හිත කොනිති නොගැසෙන
හිත කොනිති නොගසන
නොදන්නා තැනක
අතරමං වෙන්න..
ආයෙමත් ආපහු නො එන්න..

-මඟ හැරුණු ඇමතුම-

14695316_1051240211658068_7014983203348907118_n

නුඹේ මඟ හැරුණු ඇමතුම
‘මඟ හැරුණු ඇමතුම්’ කවුළුවෙන්
රතු එළියක් දල්වගෙන
වරින් වර මූණට එබෙන..
නොදැක්කා සේ අහක බැලු විට
හිතේ එක පුංචි ඉඩකට
නිය තුඩින් පහරක් ගසන
තවත් චුට්ටක් බලන් ඉන්නට
තිබුනෙ නැති දැයි
එක තැනක් පහුරු ගාමින්
පුරුදු හඬකින් විමසන
පෙරළා ඇමතුමක් දෙන්නැයි
හීන් හඬකින් මුමුණන
ඉලක්කම් එක එක ඔබමින්
යලි යලිත් මකන…
‘නුඹේ මඟ හැරුණු ඇමතුම’
අද නින්ද උදුරාගෙන ගිය..

පළමු හාදුව…

160316133

එදින සිට
ඔබට වෙන්වූ ඉඩ
මියෙන තුරු
නොවෙනස්ව
මගේ හිත තුල…

මතක…

 fire

නිහඬ කළු අඳුරු
අතීතයක වුව
සමහර මතක ඇත
ගිනි පුළිඟු මෙන්
සතුට දල්වන…

~ජීවිතය~

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

ජීවිතය තුල
සමහර දවස් ඇත
ජීවත් වෙන බව දැනුණ..

ඒ හැම දවසකම
සෙවනැල්ලක්ව
නුඹ මා ලඟ සිටිය..

ඉතිං මම
නුඹට නම දෙමි
‘ජීවිතය’.

පුළුවන්ද..?

12249968_885574704883092_3837553982334973275_n

අහසකට පුළුවන්ද
වළාකුළු එකින් එක
ගනන් කර බලන්නට..?

ගඟුලකට පුළුවන්ද
නැගෙන රැලි
හැමදාම නවතන්න?

තරුවකට පුළුවන්ද
සඳක් වී
රැයට එළියක් දෙන්න..?

කඳුලකට පුලුවන්ද
බිම වැටෙන්නේ නැතිව
ඇස් අගින් වියැලෙන්න..?

-වැහි බිංදු-

681683

ඕතමිය වැහි බිංදු
මේපල් තුරු පතක උරහිස
හිස තියාගෙන …

හිම තුහින වැළපුමක
සිහින් ඉකියක්
ඈත දුරකින් ඇසෙන..

නටු අගින් ගිලිහෙනා
සිහින් සුසුමක්
ඕක් තුරු පිස හමන…