RSS Feed

Category Archives: මට පෙනෙන දේ මට හිතෙන හැටියට

අහන් ඉන්න අහගෙන ඉන්න…

අහන් ඉන්න අහගෙන ඉන්න
හිතෙනා දේ යලි කියන්න
අපිට බැරි උනොත් ඇත්තටම
මොනවා සිතේවිද කියලා හිතුවද..??
එහෙනම් මෙය කියවලා බලන්න
හැකි නම් උදව් කරන්න..!!

~~නිහඩ ලොව බිදින්න~~

http://ilandhariaya.blogspot.com/

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සැහැල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන ඒ වෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.

එත් අද මේ සියල්ල පවසා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හීනය උනේ රුපවාහිනි සංස්කාරකවරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිධ කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවා දමමින් සිටියා.ඒ අතරතුරදී මට ලංකාවෙ ප්‍රසිද්ධ රූපවාහීනි වැඩ සටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා… මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙනගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාංගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පැවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි … මේ කාලය තමයි මගේ ජිවිතේට කනකොකා හඬන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසී ගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්‍රවණ තත්වය පහල  යාම නතර කරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). ඒ සියල්ල සිදුවී දෑන් වසර එක හමාරකටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේ කාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නැතිවනු ඇති බවයි.
ජාතික රෝහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ … නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒ සදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්…
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116


සීගිරිය සහ ඩෙංගු

එකිනෙකට කොහෙත්ම ගැල පෙන්නේ නැහැ වගේයි නේද..? බැලූ බැල්මටම නම්.නැහැ ඉන්නකෝ අපූරු ගැල පීමක් තියනවා මේ දෙක අතර.

සීගිරිය කියන්නේ  යුනෙස්කෝව නම් කල අපිට තියන ලෝක උරුම අතලොස්ස අතරින් එකක්.[අපිට යුනෙස්කෝව නම් කල  ලෝක උරුම තියන්නේ හතයි].

ඉතින් මේ අගනා ලෝක උරුම බිමේ තියන දේවල් ආරක්ෂා කරගන්න ඕනේ කියල හිතපු අපෙ අය..මේ රක්ශිත බිම පුරා අවුරුදු දහස් ගානක් අව්වට තෙමි තෙමී වැස්සට වේලි වේලි තිබුන පුරා විද්‍යත්මක වටිනාකමක් තියන දේවල් එකතු කරලා කෞතුකාගාරයක් හැදුවා.මෙච්චර දවසක් ස්වාභාවිකව සංරක්ෂනය උන මෙ පුරා වස්තූන්..දැන් තියන්නේ පිරිසිදු වාතාශ්‍රය ඉස්සෙල්ලා  වගේ හැම මොහොතකම නොලැබෙන..පරිසරයක.

ඒකට මේ අදහස ඉදිරිපත් කරපු අයගේ පිළියම උනේ ..වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීම.එතනදි තවත් ප්‍රශ්නයක් මතු උනා..මේ කලාපයේදී..සොයාගත හැකි ජලයේ ඇති..කිවුල ගතිය නිසා වායු සමීකරන යන්ත්‍ර අක්‍රීය වීමේ අවදානම.ඒකට ඉතින් මුල්ම කාලේ නම්..පෙරණ ගෙනත් සවිකලා.ඒත් ඉතින් පහු පහු වෙනකොට කොහු කොහු කිව්ව වගේ ..අදාල අයට මේ වතුර පෙරණ සවි කරන්න මුදල් හදල් අමාරුකම් මතු උනා මාස කීපයකින්ම.දැන් මේ තරම් කාලයක් රැකුනු අර අපේ අතීතය අනතුරේ.

කිසිම පහසුකමක් නැතුව..අතින් ඇදපු සැලසුම් වලට සීගිරිය හදන්න මහන්සි උන අපෙ පැරණි ශිල්පීන් තරම් වත් සැලසුමක් නැතුව..කරපු මේ වැඩෙන් වෙන විනාශයට අන්තිමට වගකිවයුත්තෙක් නැති වෙන්නේ..සල්ලි නැතිකම නිසාමද..???

මෙන්න මෙතනදි තමා ඩෙංඟු සම්බන්ධ වෙන්නේ.

පහුගිය කාලෙම බී. ටී. අයි.  බැක්ටීරියාව මගින් ඩෙංඟු මර්ධන කටයුතු  සිදු කරන බවට උදම් අනපු අපේ අදාල නිලධාරීන්..මේ වසරේ ගෙවුනු දින හැටට ඩෙංඟු  මරණ  පනහ පසු කරද්දී පසුගියදා අපූරු ප්‍රකාශයක් නිකුත් කලා.ඩෙංඟු ඩෙඟා නැටුවට බී.ටී.අයි. කියුබාවෙන් ගෙන්වන්න සල්ලි නැතිලු.

ඒක කියන්න මේ තරම් කාලයක් බලාගෙන ඉන්නේ නැතුව..මිනිස්සුන්ව දැනුවත් කලානම්..අඩුම ගානේ මේ අකාලේ මැරිලා ගිය ජීවිත වලින් කීපයක් හරි රැක ගන්න තිබුනා නේද..?මොකද මිනිස්සු කියුබාවෙන් ගේන බැක්ටීරියා ගැන සිහින මව මවා ඉන්නේ නැතුව තමන්ගේ වත්ත පිටිය සුද්ද කරගනීනෙ .

අපේ අතීතයේ වටිනා උරුමයක්  විනාශ වෙමින් යන අතරේම, රටේ අනාගතය බාර ගන්න ඉන්න පිරිසකුත් අකාලයේ මරු වැලඳගන්නවා.

ඇත්තටම මේ කටයුතු දෙකටම වියදම් කරන්න මුදල් හොයාගන්නම බැරිද..?මම නම් හිතන්නේ මුදල් නැතිකම නෙවේ උවනාවක් නැතිකමයි..වෙලා තියන්නේ.
කරන්නම් දෙයක් නැත්තන් සීගිරියේ පුරාවස්තුන් ටික ගොඩනැගිල්ලෙන් එලියට ඇදලා දාල..මිනිස්සුන්ට තමන්ගේ වතුපිටි සුද්ද කරගන්න කියලවත් නිවේදනයක් නිකුත් කරන්නයි දැන් තියන්නේ.

එතකොට අර කව්ද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගමු කියලා පුරාවස්තූ ටිකයි..මිනිස්සුයි..තම තමන්ගේ පරෙස්සම බලාගනීනෙ නේද..???

Made in ශ්‍රී ලංකා නම් ……!!!

මම අද ලියන්න යන දේ ගැන පිට රටවල ජීවත් වෙන ගොඩක් දෙනාට හිතිල ඇති කියල මම හිතනවා.බොහෝ ලාංකිකයින් මා දන්න තරමින් ලෝකෙ කොහේ හිටියත් තමන්ට පුරුදු ආහාර තවමත් අත හැරලා නැහැ.ඔවුන් තමන්ට හැකි විදියට ඒවා සපයා ගනිමින් ඉන්නවා.ඒත් මම මේ කියන්න යන්නෙ ඒවා සොයගෙන යද්දී මට ඇතිවෙන හැඟීම

මට මේවා මිලදී ගන්න යන හැම විටකම අපේ රට ගැන ලොකු දුකක් ඇති වෙනවා..තරහකුත් එක්කම.

ඉතින් ඒ ඇයි..,

සරලව හිතන්න කොස් හා පොල් අපේ රටේ සුලබව වැවෙන ශාක දෙකක්.පොල් පැත්තකින් තියන්නකෝ කොස් ගහක් හදාගන්න මහා මහන්සියක් ගන්නේ නැහැ නේද? කවුරුත්.කොස් වාරෙට කොස් ගස් ලඟින් යන්න බැරි තරමට කුණුවෙලා වැටුන ගෙඩි මම ඕන තරම් දැකලා තියනවා.

ඒ කුණු වෙලායන්නේ අපේ රටට ලැබෙන්න තියන හොඳ විදේශීය විනිමයක් නේද? කියල මට හිතෙනවා.අපට පුලුවන්නම් එසේ අපතේ යන ආහාර ටින් කරලා විදේශීය වෙළද පලට එවන්න.

අපේ රටේ තියන ප්‍රසිද්ධම ආහාර ටින් කිරීමේ සමාගම් මේ ගැන නොසිතන හේතුව  නම් මම කියන්න දන්නේ නැහැ.හැබැයි ඉන් එක් සමාගමක් නම්  මීට අවුරුදු කීපයකට කලින් (2004) භාවිතා කරපු තාක්ෂණය නම් විදේශීය වෙළදපොළට ගැලපෙනවා කියල මම හිතන්නේ නැහැ.මේ පේන ආහාර බඳුනක් විවෘත කලවිට එහි ඇතුලත බිත්ති කිසිවක්  දියවී ගොස් ඇති බවක් පෙන්නුම් කරන්නේ නැහැ.ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියන්නේ අපේ රටේ අදාල එක් සමාගමකින් නම් එවැන්නක් බලාපොරොත්තු  වෙන්න බැහැ.ඒ ආහාර ටින් වල ඇතුලත බිත්තිය දියවී ගොස් ඇති බවක් පෙන්නුම් කරනවා.ඒකයි මම කිව්වෙ තාක්ෂණයේ මොකක් හරි අඩු පාඩුවක් ඇති කියලා.ඉතින් ඒ අඩුපාඩුව සකස් කරගන්න අදාල සමාගම් උනන්දු උනොත් මම හිතන්නේ නැහැ අපිට මේක කරන්න බැරි වෙයි කියලා.

යුරෝපයෙන් අපිට ලැබුන ජී .එස්.පී.+ සහනයත් අහිමි වී යතැයි කනින් කොනින් ඇහෙන මේ වෙලාවෙදි,  විදේශීය වෙලද පොලට අපතේ යන අපේ දේශීය ආහාර මෙහෙම ටින් කරලා එවන්න උනන්දු උනොත් විදේශ විනිමය උපයා ගන්නවා වගේම, පිටරටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අපිටත් Made in sri lanka කොස් ,පොලොස් කන්න ලැබේවි නේද..??