RSS Feed

-සිහින-

12219361_935973016476857_2804742301188405109_n

සිහිනෙකදීද නාඳුනන ලෙස
සිටින්නට නියමිත
නුඹද නාඳුනන ලෙස සිටින..
කොන්දේසි විරහිතව
සිහින සිහින ලෙසම
පවතින්න නියමිත..

නුඹ කොහෙද..?

හමුවීමක් නැතිවම
සමුගන්න සිදුවිය
එදවස නුඹ,
බොහෝ දුර විය
සිතියම පිරික්සා බලමි
නිරතුරුව…
අද ..,
මම කොහෙද..?
නුඹ කොහෙද..?

අහසට ඉතා ලංව
අහස දෙස බලාගෙන
වළාකුළු
කවුළුවෙන් එබෙන විට
දවසම..
දුක නොහිතා
ඉන්නේ කොහොමද..?
……………………….
මේ වගේ
නෙවෙයි හැම දේම…
ඔහේ ඉතා හොඳය..

ප්‍රේමය..

එකෝමත් එක දවසක
සෙමින් හිස පිරි මැද
මෘදුව නළලත සිඹ
පරිස්සමින් යන්නැයි
අතැඟිළි මුදාහල..
වචනයෙන් කියා නැති
ප්‍රේමයක් විය
ආයමත් හමු නොවුන..
යනෙන මඟ නිරතුරුව
පුරුදු පියවර හඬකැයි
සිතුවිලි තිගස්සන..

ඒ ඇති….

10994046_675000925956261_676144183477741153_n

සඳ මියෙන රැයක
දුර ඈත තැනෙක
නුඹ බලා ඉන්නවද…
ඒ නිහඬ අහස දෙස..?
…………….
තරු පොකුරු අතර
හිස නමන හැඟුම් මැද
පොඩි සසල කඳුළු කැට
තාම තියනවද..?
………………..
අපෙ මතක සුවඳ ළඟ
පිය විදන සුසුම් පොද
මුදු සුළඟ සමඟ
අත් බැඳන් ඇතිද?
…………
අර අහස අතර මැද
එක වලාකුළක් තුළ
පිණි කැටක් වෙන්න
ඒ ඇතිය ඉතිං මට…

දැන්වීමයි..! ආදරයෙනි..

10888842_791416060926631_548677778106846387_nගොඩක් වෙලාවට
අමතක උනාට කමක් නැහැ
මතක් උනෝතින්
කථා කරන්න පුළුවන්ද ..?

හැමදේම නොදැන හිටියට
කමක් නැහැ
තරහා ගිහිං යැයි
නොහිතා ඉන්න පුළුවන්ද..??

පුදුම හිතෙන දේවල්
කිව්වාට කමක් නැහැ
දුක හිතෙන විහිළු
නොකර ඉන්න පුළුවන්ද..??

මලීහා…

6a00d83452603569e200e54ff651be8833-800wi
පෙෂාවරයට යන්න එන්නැයි
කිව්වා දවසක් හමුවෙලා..
හරිම ලස්සන බිම් පලස් ඇති
ඇෆ්ගනිස්තානය පුරා..

පුංචි මල් ගොමු අතර සරමින්
සිනා වෙන්නට හඬ නඟා..
ආය කවදාවත්ම බැරිවෙයි
සීත හිම කැටි ගල් වෙලා..

උදෑසන පාසලට ඇරලු
පුංචි පුතු ඒ දැයි කියා ..
ගේට්ටුව ලඟ බලන් ඉන්නට
තාම යනවද දිනපතා..?

සේද මාවත අතරමග ඇති
එක් නවාතැනකදි ඔයා..
මලාලා හට මුණ ගැසෙන්නැති
කඳුළු පිරුණද නෙත් පුරා..?

මීරියබැද්ද..

07bfee924b8d136b7e14cb6501583173

නාකැටිය නායගිය
ඉස්සරම දවස් වල
මතක සඟවා දමා
හිතේ යට එක තැනක..

දිවි ගමන ගෙන යන්න
ලපටි තේ දළු සොයා
වෙහෙසුනා මිසක ඇය
දන්නේ නෑ කිසි දෙයක්..

පුංචි පස් කැටි අතර
තිබුනු ඉඩකඩ ටිකට
අන්තිමම සුසුම් පොද
මුදා හරිනා විටෙක..

තිගැස්සුණු අන්තිමම
සිතිවිල්ල කුමක්දැයි..
හිතාගන්නට බැරිව
මං තාම එකම තැන..
අවසන් සුසුම් පොද සුළඟට මුසු කිරීමේ වරමද අහිමිව.. අසුරු සැනෙකින් පස් යට වැළළී.., ඉන් පසුව මිය ඇඳුනු..සියලු නන්නාඳුනන අහිංසකයින් වෙනුවෙනි..