Monthly Archives: ජූනි 2010

~මම~

වියලි

තණ පත් අතර

තැලී පෑගී පොඩිව ගිය

සිතත් අරගෙන

මම

යන්න යමි

කිසිදා නො එන ලෙස

ඉන් පසු

සොයාගනු නොහැකිව

නොහඬන්න කිසිදාක

යලි නො එමි

කොහොමත්ම

~~අත් වැට~~

උදෑසන  පිණි පොකුරු අතු අඟින් එබෙන විට

අකුරු කරනට යනෙන මඟ දෙපස අතර මඟ

මරු කපොලු බොහෝ හිඳ  මඟ බලනවා නොවෙද

පොඩි දෙපා අවසඟව ගියොත් හෙම අහම්බෙන්

අත් වැටක් නැති දිවිය අත් හැරෙයි ඉක්මනින්

බලන්නට කෙනෙක් නැති අසන්නට කෙනෙක් නැති

පාලමත් නිසල  වෙනු හැර කුමක් කරන්නද

එනිසා යනෙන මඟ පියවර හෙමින් තියා

සසලව ගලන දිය කඳෙ   සෙවනැලි තබලා

ඉතිරිව තිබෙන අත්වැට පිහිටට රඳවා

අකුරට ගිහිං  එනු මැන යලි මෙගොඩ බලා…!!!

~~මලේ පෙති මත~~

මලේ පෙති මත කඳුළු තිය තිය

හැමදාම ඔබ හඬනවා

උදෑසන පිණි බිංදු එතකොට

ඔබේ  අතැඟිලි  තෙමනවා

නටුවෙ කටු මත ඇනී ඔබ සිත

නොදැනීම ලේ ගලනවා

ඒ රුහිරු බව නොහැඟෙනා ලෙස

ඔබත් නිහඬව ඉන්නවා

විලේ ඉවුරේ පිය මනිමින්ම

සිතේ සැනසුම සොයනවා

විලේ ඉවුරට පාව එන රළ

නොදැනීම පා තෙමනවා

නොදන්නා ලෙස එහෙම වෙන කොට

තවත් ඔබ දුක සිතනවා

යන්න තැනකුත් නොහඳුනන  සිත

තවත් තනිකම  පතනවා…!!!

~~සෙබළ සොහොයුර පුංචි දියණිය~~

සමුගන්න නොව පිලිගන්න ආ

දෙනෙත් කඳුලින් පිරුණු ඉක්මන

කවමදාවත් නොයන්නට ආ

වගත් අමතක කරපු සක්මන

සුමුදු මුදු සුදු පුංචි දෝණියෙ

අප්පච්චි ලඟ හිඳියි  ආයෙම

මෙතෙක් ගැලු ඔබෙ ඇසේ කඳුළැල්

පිස ගෙනම අද සතුටු වනු මැන

සටන් කොට මවු බිමේ නාමෙන්

යලිත් එන්නට උනත් මේලෙස

අමිල වූ දෑ පුදා රැකගත්

මවුබිමේ අභිමානේ ඔබ ලඟ

සදා කාලෙන් සදා කාලෙට

ණය ගැතියි අපි සැවොම ඔබ හට

අහිමි වූ දිවි දුන්න සැමටත් ණය ගැතිය මුළු රටම සැමදින…!!

කවුළුව ලඟ බලා සිටිමි….!

වතු සුදු ගහේ මල් පොකුරට රොනට එන

මීමැසි බඹර කැල අහනවා ඔබගෙ ගැන

ඔබ කොහෙ ගියා දැයි නොම දැන තවම මම

මඟ බලනවා ඔබ එන දවසකට හෙට

අවසන් වරට හමුවී ඔබ එක දිනක

යන්නට යනව යැයි කීමුත් මඟ නොදැන

නවතාගන්ට හැකි කමකුත් නොවුනු කල

යන්නට සමුදුනිමි සමු නොගෙනම එදින

යලි ඔබ එන නේන බව නොදැනම මම මෙහෙම

මඟ බලනවා හැමදාමත් කවුළු හැර

දොරඟුළු ලන්න අමතක කල මගේ සිත

කඳුළුම ඇහැරවයි ඔබෙ මතකත් එක්ක

කෙතරම් කඳුළු මගේ හිත මත ගලනවද

නොදැනම ඔබත්  මේ කොහෙ හරි ඉන්නවද

සිතෙනා විටදි නිකමට මෙන් මට එහෙම

අත දිගු කරනු කොහොමද මම ඇත්තටම

දොරඟුලු ලන්න  ඔබ හා බැඳි අතීතෙට…..

~~නිහඬතාවය~~

නිහඬ ඔබ ලඟ නිසල  වෙමි මම

සසල  මගෙ සිත සඟවමින්

සසල මා ලඟ නිහඬවී ඔබ

බලා සිටියා බොහෝ දුකින්

අපේ  කථාබහ නවතලා  අපි

ලඟින් සිටියෙන් මේ ලෙසින්

නිහඬතාවය හොඳම ගීයව

ඇසෙනවා දැන් දස අතින්….

ඔබෙ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්…!!!

සිතාරයේ තත් අතර නුඹගේ

සිහින මතකය  රඳවමින්

අතීතෙට පිය මනින සිතිවිලි

කවුළු දොරකඩ පසු කරන්

යන්න යනවිට මතක මංපෙත අතීතෙට ඒ දුර ගමන්

ඔබේ සිහිනෙන් අවදි වෙන්නට

සිදුවෙනා බව මේ ලෙසින්

නොදැන සිටියා නොවේ ද ඇත්තට

කඳුළු හිමිවන බව නොනිම්

බොඳව ගිය ඒ සිහින සිත්තම සුමුදු ස්වර කර වයද්දින්

කඳුළු ඇහැරෙන බව දනිමි මං

කුමක් කරනුද ඊට දැන්

සිනා සඳකැන් අරන් එන්නට

නොහැකිමුත් කාටවත් දැන්

පතන්නම් මම බොහෝ දුර සිට

ඔබෙ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්…!!!!!