මගේ සිහින වල
ඔබ ගැන පරිච්ඡේද
තවමත්
ඉතා පිලිවෙලට පෙල ගැසෙන..
‘ඔබ හමුවූ දා පටන් මගේ හදවත අවදියෙන්’
දෙසවනට මිමිණූ ඔබෙ සිහින් කටහඬ
ඈත දුර සිට ඇසෙන…
ඉතිං…
සඳැල්ලක සැඳෑ හිරු රැස් පතිත
‘දවසක හමුවෙමු
හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු’
ඔබ කියු ලෙස..
හමුවෙමු..
ඇවිද යමු අපි….
නඳුන් උයනයි ජීවිතේ
සඳුන් සුවඳයි මාවතේ
ඉතිං සේපාලිකා මල් මත
ඇවිද යමු අපි අනන්තය වෙත..
තුඩින් තුඩ මුමුණන කථාවයි
විහඟ සත්සර සැඳෑවයි..
සිතිජ මායිම සෙමින් සැඟවෙන
හිරුගේ අවසන් සිනාවයි..
රළින් රළ පෙරලෙන මනාවයි
මීන හසකැන් ලතාවයි..
රිදී සිඳු රැළි අතර තැවරෙන
සඳේ සියුමැලි සිනාවයි..
විරාමය.
විඩාබර නිමේශෙක
ඇසිල්ලක ඉසිඹුවක් ලබාගමි…
අන්තරා අතර තුර
අන්තරාවක ලකුණු තවරමි..
කාල අන්තර අතර
විරාමය සුයාමය වෙන් කරමි..
නිහඬ වෙණ තත් අතර
සුසර වන හැඟුමකට
පණ පොවමි…
Sanka Tennakoon
අංකනය කර ඇත..
සිහින ,
අංකනය කර ඇත..
පිළිවෙලට එන්න
හරි අංක පිළිවෙලට
පෝලිම් නොපැන..
විනය ගරුකව.
සමු දෙන්න ..
තාලයක් නැති කාලයක් ලඟ
ඔහේ නිහඬව බලා ඉන්නෙමි…
‘විඩාබර පියාපත්’
නොසොල්වා හකුල ගමි..
සිනාවක් හෝ නඟනු
නොහැකියෙන් දුක් ගනිමි..
සමු දෙන්න ..
සමුගන්න ඉතිං අවසර පතමි..!
මතක මල්
මතක සේරම අහුලගෙන
හිතේ තැන තැන සඟවගෙන
කාලෙකට පසුව
මතක මල් වට්ටියක් ගෙනත්
විසුරුවා හැර ඇත නුඹ…
එ දවස
ඒ කිසිවක්ම නොමදැන
විසුරුවා හල මතක’තර
නොපරවුණු මල් දැක
දුකින් මම…
Love in the time of Corona
අත්හලෙමි..
යන්න යැයි ඔබ කියුවෙන්
ඔබට පෙනෙන්නට
ඔබේ අත අත්හලෙමි..
ඔබට නොපෙනෙන ලෙස
සිතින් අල්ලාගමි..
‘තාමත් ආදරෙයි’
හෙමි හෙමින් මුමුණමි