Monthly Archives: අප්‍රේල් 2017

-මඟ හැරුණු ඇමතුම-

14695316_1051240211658068_7014983203348907118_n

නුඹේ මඟ හැරුණු ඇමතුම
‘මඟ හැරුණු ඇමතුම්’ කවුළුවෙන්
රතු එළියක් දල්වගෙන
වරින් වර මූණට එබෙන..
නොදැක්කා සේ අහක බැලු විට
හිතේ එක පුංචි ඉඩකට
නිය තුඩින් පහරක් ගසන
තවත් චුට්ටක් බලන් ඉන්නට
තිබුනෙ නැති දැයි
එක තැනක් පහුරු ගාමින්
පුරුදු හඬකින් විමසන
පෙරළා ඇමතුමක් දෙන්නැයි
හීන් හඬකින් මුමුණන
ඉලක්කම් එක එක ඔබමින්
යලි යලිත් මකන…
‘නුඹේ මඟ හැරුණු ඇමතුම’
අද නින්ද උදුරාගෙන ගිය..