Monthly Archives: ජූනි 2011

අවසන සොයා නික්මෙමි..

සඳ ඇති රැයක ඇසි පිය නොලා
නුඹ සොයමි..
තරු පිරි රැයක ගිලිහී වැටෙන
තරු ගණිමි..
පර මල් ගොඩක පියුමන් සොයා
වෙහෙසෙමි..
අරුණට පෙරම පිණි බිඳුවකව
සැඟවෙමි..
සසැලෙන සිතට තරවටු නොකර
පැකිලෙමි..
නැවතෙනු නොහැක අවසන සොයා
නික්මෙමි..

සිහින කැබළිති…

නිල් අහස යට විලක් අසබඩ
අතින් අල්ලන් ඇවිද යන්නට…
අමාවක රෑ පාලු අහසේ
විසිරිලා ඇති තරු ගනින්නට…

ඔබේ උරහිස හිස හොවාගෙන
නෙතේ කඳුළැලි සඟව ගන්නට…
පෙරුම් පිරුවෙමි  ඈත දවසක
අනේ එදවස නික්ම ගොස් ඇත…

බිඳී විසුරුණු සිහින කැබළිති
තබා සුරකිමි අඳුරු කුටියක…
ඇවිත් යන්නට ඒවි දැයි මඟ
බලමි යලි යලි සෑම මොහොතක…