Monthly Archives: නොවැම්බර් 2010

සෙවිල්ලෙන්..

අහස ගුගුරා පොලව දෙදරා
මහා වැසි ඇද හැලෙද්දින්
තිගැස්සෙන සිත වසංගාගෙන
අදත් මම නම් නිසොල්මන්
කළු වලාවක එක් නිමේෂෙක
ඇඳී යන ආලෝකයෙන්
බලමි පෙරමඟ ඒවිදැයි නුඹ
ඒත් සිත දෙගිඩියාවෙන්
තවුස් දැහැනක දැහැන් ගතවූ
නෙතම පමණක් සෙවිල්ලෙන්

~සඳ ඇවිදින්~

හිතන්නත් බැරි තරම්
පාලුවක් හිත වටේ
හෙමින් සක්මන් කරයි
ගැලවෙන්න බැහැ වගේ
සඳත් ඇවිදින් පුරුදු
විදියටම පෙර ලෙසේ
තරුත් පිරි වර සමඟ
තනිය මකනට වගේ
ඒ පොකුරු තරු අතර
නවතමින් සිත මගේ
සෙමින් එබිකම් කරමි
කෝ කොහිද ඔබ අනේ