Monthly Archives: ජූලි 2013

නිකමටවත්ම හිතුනද..?

Imageගිගුරුම් දෙවා අහසම
වැටෙන විට මහ වැසි දිය
නිකමටවත්ම දුටුවද
මගේ කඳුළුත් මුසු වෙලා වග..??

ගත දැවටෙනා මඳනල
සිතේ සරතැස නිමුවද
නිකමටවත්ම හැඟුනද
මුදාහල සුසුමක සිසිල වග..??

පුරුදු මඟ පිය මැන
යන  එනා විට හැමදින
නිකමටවත්ම  දැනුනද
මාත් ඒ මඟ ආ වග..??

කලාතුරකින් දවසක
දුරක හිඳ අමතන විට
නිකමටවත්ම හිතුනද
ඒ නිහඬ හඬ මගෙ වග..??