රැයත් සමඟින් සෙමින් පිබිදෙමි
ලොවේ දස අත සුවඳ විහිදමි
අලුයමට පෙර පරව යන්නෙමි
නොදැන ඔබ නම් ඇවිත් යනු ඇති..
වළාකුළකින් කඩා වැටුනෙමි
තුරු පතක් අග රැඳී හිඳිනෙමි
හමන සුළඟින් සසල නොමවෙමි
ඔබේ රැස් වැද ඉතිං මියැදෙමි..
කඳුළකුදු මම යලිත් නොසලමි
එන්නෙපා ඔබ යලිත් නම් මෙහි
යන්න ගිය බව නොසිතාම ඉමි
නැතුව මම වෙන කුමක් කරනෙමි..??