Monthly Archives: දෙසැම්බර් 2014

මලීහා…

6a00d83452603569e200e54ff651be8833-800wi
පෙෂාවරයට යන්න එන්නැයි
කිව්වා දවසක් හමුවෙලා..
හරිම ලස්සන බිම් පලස් ඇති
ඇෆ්ගනිස්තානය පුරා..

පුංචි මල් ගොමු අතර සරමින්
සිනා වෙන්නට හඬ නඟා..
ආය කවදාවත්ම බැරිවෙයි
සීත හිම කැටි ගල් වෙලා..

උදෑසන පාසලට ඇරලු
පුංචි පුතු ඒ දැයි කියා ..
ගේට්ටුව ලඟ බලන් ඉන්නට
තාම යනවද දිනපතා..?

සේද මාවත අතරමග ඇති
එක් නවාතැනකදි ඔයා..
මලාලා හට මුණ ගැසෙන්නැති
කඳුළු පිරුණද නෙත් පුරා..?