
අත් අල්ලගෙන
හිටිය එක මොහොතක්..
පපු තුරේ හිස
තබා ගත් දිනයක්..
කඳුළු සඟවා
සිනාසුණු මතකක්..
අරන් යන්නෙමි
කොපුල මත තැබු
එකම එක සුසුමක්..
සොහොන් කොත මත
තනිව වැලපෙයි
ඔබ තබා ගිය
උණුම උණු කඳුළක්..
……………
අවසරයි එහෙනම්..!!

අත් අල්ලගෙන
හිටිය එක මොහොතක්..
පපු තුරේ හිස
තබා ගත් දිනයක්..
කඳුළු සඟවා
සිනාසුණු මතකක්..
අරන් යන්නෙමි
කොපුල මත තැබු
එකම එක සුසුමක්..
සොහොන් කොත මත
තනිව වැලපෙයි
ඔබ තබා ගිය
උණුම උණු කඳුළක්..
……………
අවසරයි එහෙනම්..!!

සුසුම් සඟවා
දුරක
පා කරන්නට හැකිය
කඳුළු හංගා
නෙතඟ
ලියා දෙන්නට හැකිය..
ලඟින් ඉන්නා
බවට
දැනෙන්නට හැරි හැකිය..
ආදරය
කරන බව
නොකියාම කිව හැකිය..
දුක හිතෙන හීනෙක
පෙනෙන නොපෙනෙන ඈතක
දම් පාට අහසක
පාට දේදුණු තියෙන්නට හැක..
අත දිගු කල සැනින්
මැකී ගිය මොහොතක
වළාකුළු හෙමිහිට
හැරී බලනට ඇත…
සීත මිහිඳුම් සළුවක්
සමඟ නික්මෙන කන්දට
ඊට වැඩියෙන් මොහොතක්
නතර වෙන්නට නොහැකිය..
කණමැදිරි එළි එක දෙක
නිවී දැල්වෙන සවසක
කඳුළු බිඳුවක් පිටුපස
තරු තිගැස්සී සැඟවුණා…
ඈත අහසේ
පාවෙලා යන
මේඝ මේ කුළු
සියක් දහසක්..
අතින් අල්ලා
ගන්න බැරි මුත්
නෙත් අයාගෙන
උසම කන්දක්..
කන්ද පාමුල
හිස නමාගෙන
රැළිති නගනා
දිය කඩිත්තක්..
කිසිත් නොදුටුව
ලෙසින් නිහඬව
බලා සිටිනා
පිච්ච කැකුළක්..
රාත්‍රිය විනිවිදිමි
නිහඬවම කන් යොමමි..
දුර ඈත කඳු අතර
එක්තරා නිම්නයක
හෙමි හෙමින් ගලා යන
දිය පහරෙ හඬ අසමි..
සිහින් සර සර හඬින්
අතු අතර හිඳ ගයන
තුරු පතක දුක් ගීය
නොසෙල් වී අසා ඉමි..
නෙතින් ගිලිහෙන කඳුළු
බිඳු වැස්ස කර එවන
වළාකුළු අහස යට
නොපැකිලව ඇවිද යමි..
රාත්‍රිය විනිවිදිමි..
සසල සිත සඟව ගමි..
හමුව වෙන්වුනු
මතකයකි නුඹ
මුදු සුවඳ තවරලා
සිත මත..
අතින් අත ගෙන
ඇවිද ගිය මඟ
තනිව අද මම
ඔබ ගිහිං දුර..
මිටක් මොලවා
තබාගෙන ඇත
මතක ටික ටික
ඇවිත් ගිය දින..
අත්ල දිග හැර
මුදා හරිනෙමි
හෙමි හෙමින් ඒ
මතක සේරම..
තුමුල ගිරි හිස
සෙමින් පසු කර
නැගී එන සඳ
අසල නවතිමි..
ගෙවා ආ මඟ
දිහා හෙමි හිට
මතක දල්වා
හැරී බලනෙමි..
සයුර පාමුල
හැපී වැලපෙන
හිරුට සමුදී
යන්න කියනෙමි..
ඈත දිදුලන
පුංචි තරුවක
සිතේ තිබු මගේ
සතුට රඳවමි..
පාව යන කළු
වලාවක් මත
නෙතින් ගිලිහෙන
කඳුළු සඟවමි..
හමන සුළඟට
සුසුම් මුසු කර
ලොවෙන් සමු ගෙන
නික්ම යන්නෙමි…
කලා සපුරණ සඳ
සුදු වැලි අතුල මිදුලට
එබිකම් කරයි හවසට..
අමාවක දා අඳුර මකනට
කණමැදිරියන් රෑනක්
එළි බෙදයි නොපැකිල..
සේපාලිකා ගස වට
තනිවට තනි රකින
කහ සමනළුන් රැල..
පිච්ච මල් ගාලම
සුදු පාට ඇඳගෙන
සුවඳ බෙදනවා උදයෙම..
නොනැවති ගලන ඇල දොළ
කිංකිණි හඩින් රහසින
ගී කියනවා සැම විට..
ගී අසන මින් රළ
තබමින් පාද තාලෙට
මනහර රැඟුම් විල මත..
………………………….
අදට නවතිමි මෙතැනින
මගේ සිහිනය තව ඇත…
අතීතයෙ එක් සොඳුරු දවසක
මගේ සිත ළඟ නුඹ සිටිය හැටි..
රෙබරෝසියා මල් වැස්ස මැද
හෙමි හෙමින් අපි ඇවිද ගිය හැටි..
හදිස්සියෙ ආ නපුරු සුළඟක්
අපව පසු කර හමා ගිය හැටි..
ඒ සුළඟ හා එක්ව එදවස
මා වෙතින් නුඹ නික්ම ගිය හැටි..
කාලයේ වැලි තලාවක් මැද
මසිත පමණක් තනිව ගිය හැටි..
මතක මං පෙත වසා දමමින්
අඳුරු තිර පට ඇඳී ගිය හැටි..
අහම්බෙන් මගෙ මතක අතරට
හදිස්සියෙ නුඹ ඇවිත් ගිය හැටි..
කොයි තරම් කල් බලා සිටියත්
ආයේ නම් නුඹ එන්නේ නැති හැටි..
සිහින කැඩපත තුලින්
යලි යලිත් දකිනෙමි
තරු දෙනෙත මුවා කර
කඳුළු බිඳු පිසලමි..
සඳ කුමරි හෙමි හෙමින්
නිසොල්මනෙ නික්ම යන
සොඳුරු මුදු පාන්දර
තිගැස්සී අවදි වෙමි..
ඔබ තබා ගිය සිහින
තවම ඇතියෙන් මහද
විවරවූ දොර අඟුළු
යලි තදින් වසා ගමි..
හද කවුළු දොර අසල
ඉටි පහන් දල්වලා
සුළඟ යන අත බලා
සුසුම් පා කරලමි
පෙර’ඹරින් හිරු නැගෙන
තුරු සරා මතක’තර
රහස් සඟවමි උදේ
පිපුණු මල් පෙති අතර..
~දනුෂ්කා නිෂාදී කුලරත්නගේ කවියක් නිසා ලියවුනකි~