නුඹට කියන වග නම්…!!!

හිත් අහසට නුඹ ඇවිදින් තනියම නම් නොව

සතුට ගෙනත් තනි රැක්කා මා අසලින් හිඳ

බොහො දුර වුව ලඟම ඉදන් මගෙ දුක ඇහුවම

සිතුවෙමි මම හැමදාමත් රැදේවි මා අස

අත ලඟ නැති ඔබෙ සිත ලඟ මගෙ සිත සඟවන්

හැම උදයෙම ඔබ යනවා පිලින නොදී දැන්

තිබුන දුකට වැඩිය දුකක් මගෙ හිත දවටන්

මඟ බලනවා හැමදාමත් ඔබ යලි එනකන්

වලා කුළට මුවා වෙලා සැඟවී සිටිමුත්

කවුලුව අතරින් දුටුවෙමි ඔබෙ සුන්දර වත

ලොව කොතැනක් සිටියත් මං මගෙ හිත ලඟ හිඳ

මාත් එක්ක සිනාවෙන්න තරහක් නෑ  සිත..!!

15 responses ඊළඟ »

  1. හරිම ලස්සන සුන්දර පද ටිකක්…
    බලාගෙන ඉදීමත් හිතකට එකතරා බලාපොරොත්තුවක් නේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අක්කා ආයෙමත් මං කැමතිම විදියට ලස්සන කවියක් ගොතල…… සඳ ඉතින් හැමදාමත් ඉරට මුවා වෙනවනෙ අක්කෙ…..පොඩි කාලෙ රෑට වාහනේකින් යන්න ලැබුනම ජනේලයක් අයිනට වෙලා මම කරන්නෙ හඳ දිහා බලන් යන එක…… අපිත් එක්ක හරි හරියට හඳත් දුවන හැටි බලන් ඉන්නව…. ලස්සනයි අක්කෙ පද වැල……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ඒක ගොඩාක් ලස්සනයි…
    මමත් ඔය නමින්ම නිසදසක් දාලා තියෙනව…
    http://sithuwilisiththam-buddy.blogspot.com/2010/03/nubata-kiyana-waganam.html

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අක්කේ , ගොඩක් ලස්සනයි …
    ඒත් ඉතිං කියන්ඩ බයේ හිටියේ. බටර් ගාන අය වැඩීලුනේ මේ දවස්වල.
    මොනා කරන්නද අක්කේ , ලස්සන හිංදා නොකිය යන්න හි‍තෙන්නේ නෑ නේ.
    (මං මේ ඇවිල්ල යන්නේ මේ දවස්වල අර ‍බ්ලොග් බලන්ඩ පොලීසියෙන් අවසර දීලා තියෙන පැය බාගේ හරිද 😀 )

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න