මල් කෙමිය….!!!!

කාලයේ වෙනස පෙන්නා දෙමින්

හිම දියව ගිහින් දැන් මේ දෙසින්

කලු කබා දෙවුර නොදැරූ තුටින්

සමු දුනිමි ශීතලට ඉක්මනින්

වසන්තය අඬගසන පමාවෙන්

හිරු මුවා කරමි මම අත් දෙකෙන්

මල් කෙමිය දසත විසිරුන බැවින්

කුරුළු කිචි බිචි ඇසෙයි දොරකඩින්

පුංචි දළු අතු අගට කැන්දමින්

වසන්තෙට  පෙර ගමන් අරඹමින්

සිටින මේ දසත විසිරුනු දෙයින්

දැනෙයි මට අලුත් ලොව ඉක්මනින්

තුටින් පිලි ගනිමි මම් වෙනද මෙන්

වසන්තය අත ළඟයි ඔන්න දැන්..!!!

22 responses ඊළඟ »

  1. wow…..wow….wow…
    වසන්තය ලගනිසා නිමන්තිගේ සතුටේ තරම…හරිම අපූරුයි….හරිම ලස්සනයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. කවිය ගැන මුකුත් කියන්නෙ නැහැ.. හැබැයි අක්කා සිතල වින්දා නම් උණුසුමත් විඳගන්නත් අයිතියක් ඔබට තියනවා..වසන්තයෙදි ගොඩක් සතුටු වෙන්න එපා.. ගිම්හානයෙදි දුක්වෙන්න වෙයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ම්ම්…වසන්තය ඇවිත් නේ…. නොකියම….
    ඒ වගේම නොකියම යාවි ගිම්හානයට ඉඩ දෙමින්…
    ඉක්මනට සතු‍ටු වෙන්න……..
    ඉක්මනට විඳගන්න….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. නියමයි අක්කේ. හරිම ලස්සනයි කවිය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. වසන්තයේ හිරු රැස් මැද
    පුංචි වළාකුලක්ය මම
    මල්කෙමිය ඇදෙනයුරු
    පෙනෙයි ඉහළට හොදට
    සුබ පැතුම් සුබ පැතුම්
    නුඹෙ සොදුරු කවිකමට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ෂහ්…… හරිම අපූරුයි අක්කෙ…… වසන්තයේ හැබෑ ලස්සනක් හිතට දැනුනා……

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ නැහැ 😦 විහිලුවටද?? ඇහුවෙ මම දන්නේ නැහැ.
      ඒත් මේක Amsterdam වල Tulips garden එකකින් මගේ යාලුවෙක් ගත්ත ඡායාරූපයක්.
      මම මන්දාකිණියට ගොඩාක්ම දාන්නේ එක්කෝ මම ම ගත්ත හරි මගේ යාලුවෝ ගත්ත හරි ඡායාරූප. 🙂 🙂
      යාලුවො ඉල්ලන පමාවෙන් මම ඉල්ලන photo මට දෙන්න තරම්ම කාරුණිකයි.
      @ මංජූ
      ඔයාට බොහෝම ස්තූතියි…!!! මට මේ ඡායාරූපය දුන්නට.අද මට ඒක ලියන්න අමතක උනා.සමාවෙන්න! :-
      @All
      මම දැන ගන්න කැමතියි ස්ථාන පිළිබඳව ඡායාරූපයට නගද්දින් ඇයි පණ ඇති දෙවල් ඒවාට ඇතුලත් විය යුතුයි කියලා අදහස් කරන්නේ කියලා. මම බැනුම් අහගෙන වෙලා අරගෙන ගන්නේ මිනිසුන් රහිත ඡායාරූප මම හිතනවා ඒකෙන් ඒ ඡායාරූපවලට එන අගය වැඩී කියලා..මොකද බොහෝ අයට යන්න බැරි තැනක ඡායාරූපයකින් වෙන්න ඕනේ ඒ ස්ථානය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නෙවේද..??මම ඉලක්ක කරන්නේ අපේ රටේ පාසල් දරුවන්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. “මම දැන ගන්න කැමතියි ස්ථාන පිළිබඳව ඡායාරූපයට නගද්දින් ඇයි පණ ඇති දෙවල් ඒවාට ඇතුලත් විය යුතුයි කියලා අදහස් කරන්නේ කියලා”

    සංවිධානය වෙලා මට දෙන්න වාගේ යන්නේ…!!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. වසන්තය ආපුනිසා සතුටින් …
    නේද අක්කේ. සතුට අපිටත් දැනෙනවා ඔයා කියපු විදියට.
    අර උඩින් කියලා තියෙන එකට අමනාප වෙන්න එපා. විහිළුවක් කළේ.
    ලොකුඅයියට සංවිධානාත්මකව ගේමක් දෙනවනං මටත් කියන්න. මටත් තියෙනවා බේරගන්න පොඩි ගනුදෙනුවක් ( අර දර ලෝඩ් එකේ එක ).

    අවවාදයයි :
    වසන්තය ආවා කියලා අයිස්ක්‍රීම් වැඩිපුර කෑම ශරීරයට අහිතකරවිය හැකිය.

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හෆොයි කිසිම කෙනෙකුට කිසිම ආකරයකින් ගේම් නොදෙමි.
      දර ලෝඩ් එක තාම තියනවා ඔන්න තියන වැඩ ඉවර වෙලාවත් ඒක කරලා දෙන්න.

      කාටද?? ඒ අවවාදය. කාට උනත් ඉතින් මමත් උත්තරයක් දෙන්නම්කෝ.
      ඔය කියන ආකාරයේ අවවාදයක් මම නම් කිසිම අයිස්ක්‍රීම් එකක මෙතෙක් කල් දැකනැත්තෙමි.. සමහරවිට කියවාගත නොහැකිවීමෙන් මඟ හැරෙන්නට ඇත.
      මින් පසුව සොයා බලන්නනෙමි. 🙂 😉
      දැනුවත් කිරීම ගැන මගේ සාතීශය සංවේගය 😦 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම

nimanthi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න