~නික්මගිය වසන්තය~

වසන්තය හෙමි හෙමින් නික්ම යයි
හරියටම ඔබ ගියා වගේමයි
තනිකමට සිත සෙමෙන් පුරුදු වෙයි
එකින් එක හැලී ගිය කොළමෙනැයි
කටුක සීතල හොරෙන් අඩි තබයි
කඳුලු නෙත තෙමන  සැම රැය වගෙයි
වසාලමි හද කවුළු දොර සෙමින්
මේ පාලු තනිකමම මට හොඳයි.

8 responses ඊළඟ »

  1. පද ටික නම් ලස්සනයි ඒත් මේ ඔයාගෙම ජිවිතෙන් නෙවෙයි නේද…?

    පාලුව හෙමින් රජ වෙනවකොට හිත පතුලේ
    දැනුනා සුසුම් පිටවන බව සිසිලේ
    ගැහි ගැහි තිබුන හදවත අද පැකිලේ
    ගමනක් නොගොස් නැවතී ඇත අද මගේ ලේ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. නික්ම ගිය වසන්තය
    යලිත් එනු ඇත නිසැකවම
    කොළ හැලී නග්න වන ගහ වැල
    යලිත් මල් බර වනු නියතමයි
    නොගොසින් බැරි නිසාම
    ගිය ගමනක් මිස
    තනි කරන්නට සිතුවා නොවේ
    වසා තැබුවොත් හද කවුළු දොර
    කෙසේ නම් මා නැවත එන්නද

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. වසන්තය සේ හෙමි හෙමින්
    වෙන්ව යන බව මේ ලෙසින්
    එන්න පෙර මට දැණුනි නම්…
    එන්නෙ නෑ. සත්තමයි.

    නෙතග කදුලැලි නොමැත, අරුමෙකි
    නමුත් නොනැවත හිත දවයි
    මේ කටුක පාළුව පසෙක ලා
    ඉන්න තිබුණා නම් ඔබේ අස…
    හඬ හඬා සිත කියයි…

    ජීවිතේ හැටි මේ තමයි…
    අප අයිති අපට ම නෙවෙයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න